ඉරාකයේ පිපිරීමකින් 31ක් මරුට

(හේමන්ත තුසිත කුමාර) සාප්පු සවාරියේ යෙදී සිටි පවුල්වලින් පිරුණු වෙළඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අවම වශයෙන් ඉරාක ජාතිකයින් 31 දෙනෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ. මෙම…
(හේමන්ත තුසිත කුමාර)
සාප්පු සවාරියේ යෙදී සිටි පවුල්වලින් පිරුණු වෙළඳ පොළක සිදුවූ බෝම්බ පිපිරීමක් නිසා අවම වශයෙන් ඉරාක ජාතිකයින් 31 දෙනෙකු බැග්ඩෑඩ්හිදී මිය ගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පැවසූහ.
මෙම පිපිරීම සිදුවී ඇත්තේ බැග්ඩෑඩ් හි සාද් නගරයේ ය. Covid-19 රෝගීන්ට හා විශාල තුවාල කරුවන් ප්‍රමාණයකට එකට ප්‍රතිකාර කිරීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණ දීමට වෛද්‍යවරුන්ට සිදුව ඇත. ඉරාකයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳුදා රාත්‍රියේ කියා සිටියේ තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අමතර සහාය ලබා දීමට සූදානම් බවයි.ඉරාකයේ සෞඛ්‍ය නිලධාරීන් හට, මාධ්‍යයට කතා කිරීමට අවසර නොමැති නිසා නිර්නාමිකව අදහස් දැක්වූවන් කියා සිටියේ තුවාල ලැබූ 60 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.