අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරනු - ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට

ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරනු - ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට

රාජ්නාත් සිං කොළඹ සංචාරයට සූදානම් වෙද්දී, ඉන්දියාව ආරක්ෂක සහයෝගීතාව කඩිනම් කිරීමට පියවර ගනී ආරක්ෂක, බල ශක්ති සහ උපාය මාර්ගික ව්‍යාපෘති පිළිබඳ අවධානය – ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක…

රාජ්නාත් සිං කොළඹ සංචාරයට සූදානම් වෙද්දී, ඉන්දියාව ආරක්ෂක සහයෝගීතාව කඩිනම් කිරීමට පියවර ගනී

ආරක්ෂක, බල ශක්ති සහ උපාය මාර්ගික ව්‍යාපෘති පිළිබඳ අවධානය – ද්විපාර්ශ්වික ගිවිසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දීය බලපෑම්

(සුජිත් මංගල ද සිල්වා)

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා 2026 සැප්තැම්බර් මාසයේ පළමු සතියේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ‘The Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ 2025 අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) කඩිනමින් හා පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය වන අතර, එහිදී ආරක්ෂක විෂය භාර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙදින සංචාරය අතරතුරදී ඔහු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද හමුවීමට නියමිතය.

දැන්වීම

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව සිදුවන මෙම සංචාරය, දෙරටේ නායකයන් විසින් මීට පෙර එකඟ වූ ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඉන්දියාව ගන්නා උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස සැලකේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, විදුලිබල පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ඉන්දීය ප්‍රදානයක් යටතේ කන්කසන්තුරේ (KKS) වරාය නවීකරණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතය.

දෙරට අතර අත්සන් කර ඇති ආරක්ෂක අවබෝධතා ගිවිසුම යටතේ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීම, විවිධ ක්ෂේත්‍රවල ධාරිතා වර්ධනය, මානුෂීය ආධාර සහ ආපදා සහන සේවා හුවමාරු කර ගැනීම, නාවික හමුදා යාත්‍රා වැඩි වශයෙන් වරායන් වෙත පැමිණීම සහ ආරක්ෂක කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතුළු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. වසර පහක කාලයක් සඳහා වලංගු වන මෙම ගිවිසුම මගින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වඩාත් විධිමත් රාමුවක් තුළට ගෙන ඒම අපේක්ෂා කෙරේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම වහා ක්‍රියාත්මක කරනු - ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට | Lanka Newsweek