අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ඉන්දියාව පුරා තක්කාලි උණ පැතිර යයි

ඉන්දියාව පුරා තක්කාලි උණ පැතිර යයි

(හේෂාන් සම්පත්) ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ ‍එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ. "ටොමැටෝ ‍ෆීවර්" නොහොත් තක්කාලි උණ ලෙයි මෙය නම්කර ඇත. අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය…

  (හේෂාන් සම්පත්)

ඉන්දියාවේ පැතිරෙන නව වෛරස උණ රෝගයක් පිළිබඳ ‍එරට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුවී තිබේ.  "ටොමැටෝ ‍ෆීවර්" නොහොත් තක්කාලි උණ ලෙයි මෙය නම්කර ඇත.  
 
අත්, පා, මුඛ වෛරසයක් ලෙස ඉන්දීය වෛද්‍ය පරීක්ෂකයන් මෙය හඳුනාගෙන තිබේ.  මේවන විට කේරල, ඔඩීෂා සහ තමිල්නාඩු ප්‍රාන්තවලින් මෙම වෛරසය හඳුනාගෙන ඇති බව  එරට ‍මාධ්‍ය වාර්තාවල දැක්වේ.  රෝගීවූ දරුවන් 200කට අධික සංඛ්‍යාවක් එම ප්‍රාන්තවලින් හඳනාගෙන ඇතැයි සදහන් වේ.. 
 
වෛරස ආසාධිතයන්ගේ සිරුරේ රතු පැහැති වේදනාකාරී බිබිලි මතුවී ක්‍රමයෙන් ඒවා කුඩා තක්කාලි ගෙඩියක ප්‍රමාණයකට විශාලවීම හේතුවෙන් ඉන්දියානුවන් මෙම උණ රෝගය තක්කාලි උණ ලෙස හඳුන්වන බව වාර්තා වේ.
 
සාමාන්‍යයෙන් අත්, පා, මුඛ රෝගවලදී මෙන්ම මෙම නව වෛරසයේදී ද රෝග ලක්ෂණ ලෙස අධික උණ, උගුරේ අසාධන, ඇඟපත කැක්කුම, සන්ධි ඉදිමීම සහ තෙහෙට්ටුව පෙන්නුම් කෙරේ.  ඊට අමතරව කුඩා දරුවන් අතර වමනය සහ පාචනය ද දැකගත හැකිය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න