ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට බෝම්බ ප්‍රහාරයක්..31 දෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(තෙහංසා ලිසෑන්) ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී තවත්…
(තෙහංසා ලිසෑන්)
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එළඹෙන ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්න ඡන්ද දායකින් ලියාපදිංචි කර ගැනීම සිදු කෙරුණු අවස්ථාවේදී බවයි.එම අවස්ථාවේ මෙහි දොරටුව අසල විශාල පිරිසක් රැඳී සිට ඇත.
මේ වනවිට මෙම ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් විසින් පිළිගෙන ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1