ඇමෙරිකාවෙන් එළවා දැමූ සෙලෙන්ස්කිට බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපයෙන් රතු පලස්..?

රුසියාවට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො බිලි 02ක්..! යුරෝපයේ තහනම් කොට ඇති රුසියානු වත්කම් වලින් එම මුදල් අය කරගනී..! ප්‍රබල රාජ්‍ය නායකයන් 15 ක් එක්වී සෙලෙන්ස්කි සනසා අත්…
රුසියාවට එරෙහි යුද්ධය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ඩො බිලි 02ක්..!
යුරෝපයේ තහනම් කොට ඇති රුසියානු වත්කම් වලින් එම මුදල් අය කරගනී..!
ප්‍රබල රාජ්‍ය නායකයන් 15 ක් එක්වී සෙලෙන්ස්කි සනසා අත් නොහරින බවට ප්‍රතිඥා..?
ඇමෙරිකාව සමග ඛනිජ ගිවිසුමට සුදානම් - යුක්රේනයෙන් කොළ එළියක්.
ට්‍රම්ප් ප්රමුඛ චඇමෙරිකාවේ ඊලග පිම්ම කුමක්ද..?
තුන්වන ලෝක යුද්ධය අරඹන බවට දෝස්මුරයක්..?
ඇමෙරිකාවේ වඩාත්ම ආරක්ෂිත වර්ග සැතපුම් 06 එනම් වොෂින්ටන් DC හි එරට ජනපතිගේ නිළ නිවස වන ධවල මන්දිරයෙන් කෑමත් නොදී එළවා දැමු යුක්රේන ජනපතිට වහාම රටින් ද පිටවන ලෙස ඇමෙරිකාව දැනුම් දුන් බවට ආරංචි පළවිය.
එහෙත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටැමර් වහාම සෙලෙන්ස්කිට කතා කොට කීවේ යුක්රේනයට යන්නට පෙර බ්‍රිතාන්‍යයට පැමිණ වහාම තමා හමුවන ලෙසය. එය යුරෝපා සංගමයේ සියලු රටවල පොදු තීන්දුවක් වන බවට සැක නැත.මානසික වියවුලක සිටි සෙලෙන්ස්කි ලන්ඩන් හීත්රෝ ගුවන් තොටින් එළියට බහින විට ඔහුට අති දැවැන්ත ආරක්ෂාවක් යොදවා තිබිණ. බ්‍රිතාන්‍යයේ ඉහළම මැති ඇමතිවරු පැමිණ ඔහු පිළිගෙන ලන්ඩන් පාරවල් වසා මග දෙපස බ්‍රිතාන්‍ය හා යුක්රේන ධජ වනන ජනතාව මැදින් සෙලෙන්ස්කි ඩවුනිං වීදියේ අංක 10 දරන බ්‍රිතාන්‍ය අගමැති නිළ නිවසට රැගෙන ගියේය. සෙලෙන්ස්කි වැළඳගෙන ඉතා සුහදව ඔහු පිළිගත් බ්‍රිතාන්‍ය නායක ස්ටැමර් කිවයුතු දේ කීවේය.
"ඇමෙරිකාව ඔබ අත හැරියාට බ්‍රිතාන්‍ය හා යුරෝපා සංගමයේ රටවල් 27 හා කැනඩාව ඔබ හා යුක්රේනය අත අරින්නෙ නෑ. ඩො බිලියන 02 ක් අපි ඔබට දෙනවා. එය යුරෝපය තුළ තිබෙන රුසියානු වත්කම් වලින් අය කරගන්නවා. මන්ද රුසියාවයි ඔබේ රට ආක්‍රමණය කළේ" බ්‍රිතාන්‍ය අගමැති කීවේ සෙලෙන්ස්කිගේ හිතේ මල් පුපුදවමිනි.
ඇමෙරිකාවේ සිට බඩගින්නේ පැමිණි සෙලෙන්ස්කි ඩවුනිං වීදියෙන් හොදට සප්පායම්වී ඊලගට ගියේ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු හමුවන්නටය. බ්‍රිතාන්‍ය සම්ප්‍රධාය තුළ රජු හා රටේ නායකයා එකම දින හමුවීමට ඉඩක් නැතත් පවතින ගිණියම් බව තුළ සෙලෙන්ස්කිට එම ස්වීප් එක ද ඇදුනේය. අගමැති ගෙන් ලැබුණු සුබවාදී ප්‍රතිඥා චාල්ස් රජු ස්ථිර කළේය. තවද ඇමෙරිකාව වසර 80 ක් සිටි කඳවුරට යළි සම්බන්ධ කරගැනීමේ මැදිහත්වීම සිදු කිරීමට ද රජු ප්‍රතිඥා දුන්නේය.
දැන්වීම
"ඇමෙරිකාව සමග මිත්‍රත්වය දිගටම පවත්වා ගැනීමටත් ඛනිජ සම්පත් ගැන ගිවිසුම අත්සන් කිරීමට දැඩි අවධානයක් යොමු කරනවා"සෙලෙන්ස්කී ලන්ඩනයේ දී ප්‍රසිද්ධියේ කීවේ එම හමුවෙන් පසු උපාය මාර්ගිකවදැයි කීමට අසීරුය. රුසියානු තුරුලට ඇමෙරිකාව නොයැවීමේ යුරෝපා අවශ්‍යතාව එහිදී සෙලෙන්ස්කි ඉටුකල බව පෙනේ.
අනතුරුව සෙලෙන්ස්කි සමග අවසන් තීන්දුවකට එළඹීම සදහා ලොව දක්ෂිණාංශික කදවුරේ සිටින ඇමෙරිකාව හැර සෙසු ප්‍රබලම රටවල රාජ්‍ය නායකයන් සියලු වැඩ නවතා ලන්ඩනයට ආවෝය. ඒ අය අතර ප්‍රංශ ජර්මන් ඉතාලි කැනඩා තුර්කි නායකයන් සිටීම වඩාත් ආකර්ශනීය හා ඇමෙරිකාවේ ට්‍රම්ප් පාළනය තැති ගැන්වුවක් වුවාට සැක නැත. එම සුවශේෂී රාජ්‍ය නායක හමුවේ ආකර්ශනීයම චරිතය බවට සෙලෙන්ස්කි පත්විය. සමුහ ඡායාරූපයේ මධ්‍ය ලක්ෂය ද ඔහුට හිමිවිය. එහිදී වැදගත් තීන්දු කිහිපයකට එළඹුණ අතර රුසියාවට එරෙහි යුක්රේන යුද්ධයට සහාය දීම හා ඇමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් වුවහොත් හෝ මුදල් කපාහැරියොත් යුරෝපා රටවලින් වැඩිපුර මුදල් පොම්ප කර තම ආරක්ෂාව තර කරගැනීමට තීන්දු කිරීම හා සාමය වෙනුවෙන් සාකච්ඡා ඇරඹුවහොත් යුක්රේනය ප්‍රධාන පාර්ශවයක් ලෙස පිළි ගැනීම ඒ අතර මුලික වේ. මන්ද මෙතෙක් පැවැති සාමකතා වල සිටියේ ඇමෙරිකව හා රුසියාව පමණකි.
ඇමෙරිකාවට තම ප්‍රබලම මිතුරා ලෙස සැලකූණු යුරෝපා සංගමය, කැනඩාව වැනි රටවල් දුරස්වීම ගැටලුකාරීය. ඇමෙරිකානු මාධ්‍ය වල පවා මෙම පසුබිම විවිධ කෝණ වලින් විග්රහ කරන පසුබිමක මෙම සංක්‍රාන්ති සමය ඇමෙරිකාවට යුරෝපයට රුසියාව හා යුක්රේනයට පමණක් නොව සමස්ත ලෝකයටම හැම අතින්ම බලපෑම් කරන නිසා එය අතිශය තීරණාත්මකය. මෙම පසුබිම තුන්වන ලෝක යුද්ධයට අත වැනීමක් බවට විග්රහවන පසුබිමක ඊලග තත්පරයේ සිදුවන දේ ගැන ලොවම ඇස ගසා සිටිනුයේ ගෙවෙන තත්පරය එතරම්ම තීරණාත්මක වන බැවිනි.
(අශෝක ජයතුංග)