අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

සංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි

සංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි

සංවර්ධනය නව වගකීම් සේම නිදහස ද වෙත ගෙන එනු ඇත. රාජ්‍යකරණයේ චතුරාර්‍ය සත්‍ය Every Country is Unique Why Do Some Countries Develop and Others Not..? (දේශප්‍රිය නානායක්කාර) දූෂිත භාවිතයන් මැඩලීමේ වගකීම…

සංවර්ධනය නව වගකීම් සේම නිදහස ද වෙත ගෙන එනු ඇත. 

රාජ්‍යකරණයේ චතුරාර්‍ය සත්‍ය

Every Country is Unique

Why Do Some Countries Develop and Others Not..?

සංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි

(දේශප්‍රිය නානායක්කාර)

දූෂිත භාවිතයන් මැඩලීමේ වගකීම දියුනු සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇති ප්‍රබල තර්ජනයක් වන අතර ශ්‍රී ලාංකේය අපි එහි ගොදුරක් වී ඇත්තේ ව්‍යාජ ජාති සහ ආගමික මතවාද හරහා බලයට පත් වු නූගතුන් හේතුවෙනි.

වසර සියයකට පෙර ආර්ජන්ටිනාව ලෝකයේ ධනවත්ම රටවල් හත අතර සිටි නමුත් මේ මොහොත වන විට සැබෑ ඒක පුද්ගල ආදායම අනුව 43 වැනි ස්ථානයේ සිටී. 1950 දී, ඝානාවේ ඒක පුද්ගල ආදායම දකුණු කොරියාවට වඩා වැඩිය. අද්‍යතන  දකුණු කොරියානු ජනතාව ඝානාවේ පුරවැසියන්ට වඩා 11 ගුණයකට වඩා ධනවත් ය.

ලෝක බැංකුව "නැගෙනහිර ආසියානු ආශ්චර්යය" (East Asian Miracle) ලෙස සැලකුවේ සීමිත හිඟයන් සේම අඩු ණය සහිත යහපත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, ඉහළ ඉතුරුම් අනුපාත, ඉහළ ආයෝජන අනුපාත, විශ්ව ප්‍රාථමික සේම ද්විතීයික අධ්‍යාපනය, (Universal Primary and Secondary Education ) කෘෂිකර්මාන්තයට අඩු බදුකරණය, අපනයන ප්‍රවර්ධනය, තෝරා ගත් කර්මාන්ත ප්‍රවර්ධනය, තාක්‍ෂණික සිවිල් සේවය සහ අධිකාරී නායකයින්ගෙන් සමන්විත ‍රාජ්‍යකරණයයි.

දැන්වීම

රාජ්‍යකරණයේ චතුරාර්‍ය සත්‍ය වනුයේ රාජ්‍යකරණය ලෞකික විය යුතුය, රාජ්‍යකරණය විද්‍යාත්මක විය යුතුය, රාජ්‍යකරණය ජනතාවාදී විය යුතුය සහ රාජ්‍යකරණය අනාගතවාදී විය යුතුය යන්නය. 

ආර්ථික විද්‍යාව අපගේ දෛනික ජීවිතයට පැහැදිලි සහ සියුම් ආකාර දෙකෙන්ම බලපායි. ආර්ථිකය, රැකියාව, විවේකය, පරිභෝජනය සහ කොපමණ ඉතිරි කළ යුතුද යන්න පිළිබඳව පුද්ගල දෘෂ්ටිකෝණයකින් අප කළ යුතු බොහෝ දෑ ආර්ථිකය විසින් මෙහෙයවනු ලබයි. අනෙක් අතට උද්ධමනය, පොලී අනුපාත සහ ආර්ථික වර්ධනය වැනි සාර්ව ආර්ථික ප්‍රවණතා ද (Macroeconomic Trends) අපගේ ජීවිතවලට බලපානු ලබයි.

පාර්ලිමේන්තු නියෝජනය දැනුමෙන් දියුණු පුද්ගලයන්ගෙන් යුක්ත වීම අනාගතය වෙනුවෙන් පහසුවෙන් තෝරා ගත හැකි තිරසර විසඳුමකි. ආගම සහ ජාතිය ප්‍රධාන කොට ගත් ව්‍යාජ දේශප්‍රේමිත්වයෙන් සැරසුණු කපටි මුග්ධයන්ට එරෙහි හොඳම විසඳුම වනුයේ බුද්ධිමත්, කාර්‍ය්ක්ෂම සහ පොදු යහපත වෙනුවෙන් වු ආකල්පවලින් සුසැරි පරාර්ථකාමී ආදර්ශමත් උගතුන් මහ ජන නියෝජනය සඳහා තෝරා පත් කර ගැනිමයි. මක්නිසාදයත්, පොදු ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ආර්ථික දියුණුව තීරණාත්මක වන හෙයිනි. ජන සමාජයක දියුණුව වෙනුවෙන් ආර්ථික සංවර්ධනය පිළිබඳ පහත සඳහන් විෂයන් ඉතාමත්මැ තීරණාත්මකය.

එනම් ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව, (Microeconomics) සාර්ව ආර්ථික විද්‍යාව, (Macroeconomics) ආර්ථික ගණිත විද්‍යාව (Econometrics) මුදල් ආර්ථික විද්‍යාව, (Monetary Economics) ස්වභාවික සම්පත් ආර්ථිකය, (Natural Resource Economics) මුල්‍ය ආර්ථික විද්‍යාව, (Financial Economics) අන්තර්ජාතික ආර්ථික විද්‍යාව, (International Economics) ව්‍යවහාරික ආර්ථික විද්‍යාව, (Applied Economics) ජන විකාස ආර්ථික විද්‍යාව (Demographic Economics) ශ්‍රම ආර්ථික විද්‍යාව, (Labour Economics) කාර්මික ආර්ථික විද්‍යාව, (Industrial Economics) කෘෂිකාර්මික ආර්ථික විද්‍යාව, (Agricultural Economics) සංවර්ධන ආර්ථික විද්‍යාව, (Development Economics) අධ්‍යාපන ආර්ථික විද්‍යාව, (Education Economics) ඉංජිනේරු ආර්ථික විද්‍යාව, (Engineering Economics) සෞඛ්‍ය ආර්ථික විද්‍යාව, (Health Economics) පොදු ආර්ථික විද්‍යාව, (Public Economics) ආර්ථික ඉතිහාසය, (Economic History) දේශපාලන ආර්ථිකය, (Political Economy) නව ආයතනික ආර්ථික විද්‍යාව, (New Institutional Economics) ආර්ථික සමාජ විද්‍යාව, (Economic Sociology) වෙළෙඳපළ ආර්ථිකය, (Market Economy) හරිත ආර්ථිකය, (Green Economy) නීල ආර්ථිකය, (Blue Economy) අභ්‍යවකාශය පදනම් කර ගත් ආර්ථිකය සහ (Space-Based Economy) ඕනෑම සාමාන්‍ය තාවකාලික වැටුප් සහිත රැකියාවක් ලැබෙන ආර්ථිකය (Gig Economy) ආදියයි. සංවර්ධනයේ ප්‍රධාන අරමුණක් වන්නේ නිදහසයි. සංවර්ධනය නව වගකීම් සේම නිදහස ද අප වෙත ගෙන එනු ඇත. 

සංවර්ධනයේ ප්‍රධාන අරමුණ නිදහසයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න