අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ශ්‍රී ලංකාවේ නව බදු ක්‍රමය ඉතා හොඳයි

ශ්‍රී ලංකාවේ නව බදු ක්‍රමය ඉතා හොඳයි

බදු නොගසා රට ගොඩගනු බැහැ IMF නිවේදනයකින් කියයි ශ්‍රී ලංකාව සිදු කර ඇති බදු ප්‍රතිසංස්කරණය අතිශයින් අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. බදු…

බදු නොගසා රට ගොඩගනු බැහැ 

IMF නිවේදනයකින් කියයි 

ශ්‍රී ලංකාව සිදු කර ඇති බදු ප්‍රතිසංස්කරණය අතිශයින් අගය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

බදු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධයක් එල්ල වුවද ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීම සඳහා බදු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

බදු ආදායම් ඉහළ නැංවීමෙන් දිළිඳු සහ වඩාත්ම අවදානමට ලක් වූවන් ආරක්ෂා කෙරෙන අතර රජයේ බදු ආදායම සඳහා සහයෝගය දැක්විය හැකි කණ්ඩායම් එම බදු මුදල් ගෙවීමට ඉදිරිපත් විය යුතු බවත් මෙම බදු ප්‍රතිපත්තිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව බවත් එම නිවේදනය වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ලෝකයේ අවම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බවත්, ඒ නිසා විදේශ ණය හිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට පසුබාන බවත් පෙන්වා දෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට අත්‍යවශ්‍ය වියදම් සඳහා ද මුදල් සැපයීමට හැකි වන්නේ බදු ආදායම් ලැබීමෙන් පමණක් බවද පෙන්වා දෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න