ව්‍යවසායකයින්ට ණය සහන

මුදල් රාජ්‍ය අමාත්‍යාංශයෙන් බැංකු ප්‍රධානීන්ට දැනුම්දීමක් රටේ ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සියලුම රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත. රාජ්‍ය බැංකුවලින්…
මුදල් රාජ්‍ය අමාත්‍යාංශයෙන් බැංකු ප්‍රධානීන්ට දැනුම්දීමක්
රටේ ව්‍යවසායකයන්ගේ ණය වාරිකවලට සහනයක් ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සියලුම රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
රාජ්‍ය බැංකුවලින් ලබා ගෙන ඇති ණය සඳහා අය කරන බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ව්‍යවසායකයන් පීඩාවට පත්ව ඇති බවට මුදල් රාජ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබුණි.
ඒ අනුව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම දැනුම් දීම සිදු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත.
මෙහිදී බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ වගකීමද මුදල් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දී තිබෙන අතර ව්‍යවසායකයින් වෙත ලබා දෙන සහන පිළිබඳ කඩිනම් වාර්තාවක් මුදල් අමාත්‍යාංශයට ලබා දෙන ලෙසද උපදෙස් දී ඇත.