රත්‍රං මිල රොකට් වේගයෙන් උඩු ගුවනට

වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අයුරින් ඉහළම අගයක් සලකුණු කරමින් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,100 ඉක්මවා ගොස් තිබේ. ඇමරිකානු ඩොලර් 3,128.06ක් ලෙස ලෝක වෙළෙඳ පොළේ සඳුදා (31) සටහන් වූ…
වෙළෙඳ පොළේ රත්‍රං මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ අයුරින් ඉහළම අගයක් සලකුණු කරමින් අවුන්සයක් ඇමරිකානු ඩොලර් 3,100 ඉක්මවා ගොස් තිබේ.
ඇමරිකානු ඩොලර් 3,128.06ක් ලෙස ලෝක වෙළෙඳ පොළේ සඳුදා (31) සටහන් වූ කැරට් 24 රත්‍රං අවුසයක මිල අඟහරුවාදා (01) අවුන්සයකට ඩොලර් 3,137ක් ලෙස තව දුරටත් ඉහළ ගොස් ඇත.
රත්‍රං මිල මේ අන්දමට ඉහළ යාමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවු සහ පැනවීමට යන තීරු බදු මඟින් අමතර තල්ලුවක් ලබා දී ඇති අතර ලොව පුරා මහා බැංකු මගින් විශාල වශයෙන් රත්‍රං තොග මිලදී ගැනීම ද ඊට ඍජුව බලපා තිබෙන බව පෙනී යයි.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාවේ මහා බැංකුව හෙවත් මධ්‍යම සංචිතය මඟින් පොලී අනුපාත තව දුරටත් පහත හෙළීමේ ප්‍රවණතාව සහ මැද පෙරදිග සහ යුරෝපයේ භූ දේශපාලනික උණුසුම ද ඒ සඳහා බලපා ඇති අතර රත්‍රං හා බැඳුණු හුවමාරු අරමුදල් සඳහා විශාල වශයෙන් ආයෝජන ගලා ඒම ද ඊට හේතු වී තිබේ.