අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පුනර්ජනනීය බල ශක්තිය විනාශ කිරීමේ රජයේ කුමන්ත්‍රණය ගැන විපක්ෂ නායක IMF වෙත කරුණු පහදයි

සජිත් ප්‍රේමදාස

(සංජනා ද සිල්වා)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Tesfaye Woldemichael මහත්මිය හමුවී වත්මන් රජය යටතේ අප රටේ පුනර්ජනනීය බලශක්තියට එල්ල වන මරු පහරවල් හා පුනර්ජනනීය බලශක්තිය විනාශ මුඛයට ගෙන යන රජයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත Martha Tesfaye Woldemichael මහත්මිය හමුවී වත්මන් රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කිරීමට ගෙන ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කරමිනි.

‍මේ වන විට සුනිත්‍ය බලශක්තිය, සූර්ය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති රැසක් මේ රජය ක්‍රියාත්මක කරන බවත් සුර්ය බලශක්තිය තුළින් පාරිභෝගිකයාට විදුලි ඒකකයට අඩු මිලක් දැරීමත් තරුණ වෘත්තිමය වශයෙන් දක්ෂ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමත් සිදු වන බවත් සුනිත්‍ය බලශක්තිය ප්‍රජාතන්ත්‍රවාදීකරණයට ලක් කිරීමෙන් කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට ශක්තිය ලැබෙන වැඩපිළිවෙළ විනාශ කරන්න රජය දරන උත්සාහයත් සූර්ය බලශක්තිය රටට වැදගත් වන ආකාරය සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා සූර්ය බලශක්තිය ආරක්ෂා කර ගැනීමටත්, බැටරි පද්ධතියක අවශ්‍යතාවත් සම්බන්ධයෙන් රජය දැනුවත් කරන ලෙසත් මේ වහල මත සවිකරන සූර්ය බලශක්ති පද්ධති මඟින් ජාතික ජාලයට මෙගාවොට් 2500ක් එකතු වන නිසා මාසයකට රු. බි. 25ක් රටට ඉතිරි කරන බවත් මෙවැනි රටට වාසි තත්ත්වයක් තිබියදී ඩීසල් මාෆියාකාරයන් විසින් ඩීසල් මාෆියාව ප්‍රචලිත කරන්න විශාල උත්සාහයක නිරත වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම යුගදනවි, සොබාදනවි, සහස්දනවි හරහා LNG සහ ඩීසල් එකතුවක් තුළ විදුලිය නිෂ්පාදන කරනවා වෙනුවට FSR නොමැතිව කම්බයින්ඩ් සයිකල් පවර් ප්ලාන්ට් සංකල්පය තුළින් ඉන්ධන මාෆියාවේ ඩීසල් මාෆියාවේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න උත්සාහ බවත් ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් එයට ඉඩ නොතබන බවත් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් නොව 100%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය කරා යන්න රජයට බල කරන බවත් ඒ වෙනුවෙන් කළ හැකි ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සටන සිදු කරන බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
පුනර්ජනනීය බල ශක්තිය විනාශ කිරීමේ රජයේ කුමන්ත්‍රණය ගැන විපක්ෂ නායක IMF වෙත කරුණු පහදයි | Lanka Newsweek