සජබය කියන්නේ පටු අරමුණකින් බලය ඩැහැ ගැනීමට මාන බලන පක්ෂයක් නොවේ

(සංජානා ද සිල්වා)
සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය කියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බලය ඩැහැ ගැනීමට මාන බලන අවස්ථාවාදී දේශපාලන පක්ෂයක් නොවන බව අවධානරණය කර සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ ද කියා සිටියි.
දැන්වීම
සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගය කියන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බලය ඩැහැ ගැනීමට මාන බලන අවස්ථාවාදී දේශපාලන පක්ෂයක් නොවෙයි.සමගි ජන බලවේගයේ දේශපාලන ස්ථාවරය වන්නේ ධනේෂ්වර සමාජ වෙළෙඳ පොළ ක්‍රමය රටේ ආර්ථිකයට ජීවන හුස්ම පිඹ ජනතා ප්‍රශ්න විසඳා ඔවුන්ගේ ක්‍රය ශක්තිය වර්ධනය කිරීමයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේගයේ මෙම පුළුල් ආර්ථික ක්‍රමවේදය, වැඩ පිළිවෙළ සහ ජාත්‍යන්තර වටිනාකම වගේම එහි වාසි සහ ප්‍රතිලාභ ගැන අපේ රටේ බහුතරයක් ජනතාවට නොතේරීම ඇත්තටම ඉතාම කණගාටුදායකයි.
ආර්ථික සංවර්ධන පනත සහ ණය තිරසාර භාවය ආදිය තහවුරු කර ආර්ථිකමය කරුණුවලින් ඔබ්බට ගිය සමාජ සාධාරණත්වයේ මූලධර්මවලට අවශ්‍ය විචල්‍ය තිරසාර රාමුවක් යටතේ පුළුල් ලෙස විශ්ලේෂණය කර රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මෙවැනි ආර්ථික මොඩලයක් අත්‍යවශ්‍යයි.