අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සෘජු විදේශ ආයෝජන අඩු වීම රටට අහිත කර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි

- විපක්ෂ නායක අවධාරණය කරයි -

සජිත් ප්‍රේමදාස

බංකොළොත්භාවයෙන් ගොඩ එන අප රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කිරීමට සෘජු විදේශ ආයෝජන බොහෝ සේ වැදගත් වන නමුත් 2025 සෘජු විදේශ ආයෝජන දෙස බලන විට රටක් ලෙස දුර්වල තැනක සිටින බවත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ ආර්ථික පරිසරය සම්බන්ධ නිකුත් කළ වාර්තාව තුළින් කරුණු සහිතව ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටක් ලෙස අප රටේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2025 දී 1.044ක් ලෙස පුරෝකථනය කළ විට ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් ප්‍රමාණය මෙන් ආසන්න වශයෙන් 1.7ක් බංග්ලාදේශයට, 1.8ක් පාකිස්ථානයට, 14.7ක් මැලේෂියාවට, තායිලන්තයට 18.3ක්, වියට්නාමයට 19.5ක්, ඉන්දුනීසියාට 20.5ක් සහ ඉන්දියාවට 37.3ක් ලැබී ඇති බවත් මේ තුළින් අප රටේ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය දුර්වල මට්ටමක ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, රටේ ආර්ථික තත්ත්වය ගැන සිකුරාදා (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

මෙසේ අඩුවීමට හේතු ලෙස නීතිමය වශයෙන් ඇති අවිනිශ්චිතතා, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නිසි නිලධාරී ප්‍රතිචාර නොලැබීම, තෝරා ගත් විනිවිදභාවී ක්‍රමයක් නිර්මාණය වීම නිසා වගකීම හා වගවීම පිළිබඳ ගැටලු, රෙගුලාසි ස්ථායිතාවක් නොමැති වීම යන ගැටලු නිසා ආයෝජකයන් රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආයෝජන මණ්ඩලය කරන්නෙත් සෘජු විදේශ ආයෝජන අධෛර්මත් කරන එක

අප රටේ ආයෝජන මණ්ඩලය යනු ආයෝජන අනුමැතිය ලබා ගත හැකි One stop shop සහිත ආයතනයක් ලෙස හැඳින්වුවත් ආයෝජන මණ්ඩලයේ ඇත්තම තත්ත්වය වන්නේ One Block Shop ක්‍රමය බවත් ආයෝජනවලට එක කවුලුවක් තුළින් පහසුකම් සපයනවා වෙනුවට ආයෝජන නතර කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් මේ නිසා රටේ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා ආයෝජකයන් ආකර්ෂණය කර ගත් ආකාරය අධ්‍යයනය කරනු

එබැවින් නිලධාරී වාදය බැහැර කර, අනවශ්‍ය රෙගුලාසි ඉවත් කර සෘජු විදේශ ආයෝජන සඳහා ලෝකයේ ඇති ආකර්ෂණීයම ගමනාන්තය බවට රට පත් කිරීමට සෑම අතකින්ම ආයෝජන හිතකාරී පරිසරයක් නිර්මාණය කර ආයෝජන ප්‍රවර්ධනයට මුල්තැන දිය යුතු බවත් රටේ අභ්‍යන්තර යුද්ධ 02ක් සහ මැදපෙරදිග යුද්ධයක් ඇති කාලයේ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් රටට ආයෝජන ආකර්ෂණය කර ගත් ආකාරය කදිම උදාහරණයක් බවත් එදා අභියෝග මැද පවා ඇගලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කරමින් ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ට රැකියා පවා දුන් බවත් එය ආදර්ශයට ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

දැන්වත් සෘජු විදේශ ආයෝජන අඩු වීමේ ගැටලුවලට විසදුම් ලබා දිය යුතුයි

අද වන විට ආයෝජන මණ්ඩලය පවා ආයෝජන රට අතහැර යන තැනට පත් කර ඇති බවත් මෙය ප්‍රතිගාමී ආයෝජන ප්‍රතිපත්තියක් බවත් දැන්වත් මේ ගැටලු මගහරවා ගෙන සෘජු විදේශ ආයෝජනවලට රටේ ඇති සියලු බාධා ඉවත් කර ජනාධිපතිවරයා ප්‍රමුඛ කාර්ය සාධක බලකායක් පත් කර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සෘජු විදේශ ආයෝජන අඩු වීම රටට අහිත කර ලෙස බලපෑම් රැසක් එල්ල කරාවි | Lanka Newsweek