රණසිංහ ප්‍රේමදාස ලෝකය ජය ගත්තේ මෙහෙමයි
"නායකයින් බිහි කිරීමට හෝ නිර්මාණය කිරීමට නොහැක"

(සංජනා ද සිල්වා)
රටක නායකයෙකුට ජාත්‍යන්තර සහය බන්දේසියක තබා කවුරුත් ප්‍රදානය නොකරන්නේ යැයි ද, ඔහු සිය දැනුම-සක්‍යතාවය සහ පෞර්ෂය මත එම ජයග්‍රහණ දිනා ගත යුතු යැයි ද, ඊට හොඳම උදාහරණය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යැයි අවධාරණය කර සිටින මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා මෙසේ ද කියා සිටියි.
දැන්වීම
"ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටු දැකීමේ "ජන සවිය" වැඩසටහන රැගෙන එදා හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය අවස්ථාවේ දී එම අරමුදල ඊට මුලින්ම දැඩි විරෝධය එල්ල කළා. එහෙත් "ජන සවිය" වැඩසටහනේ ශක්තිමත් භාවය සහ ජාත්‍යන්තරය හමුවේ නොනැමෙන සුළු රණසිංහ ප්‍රේමදාස මහතාගේ අදීනත්වය නිසා එම අරමුදල ඊට එකඟ වූ අතර "ජන සවිය" ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුව විශේෂ අනුග්‍රහයක් ද ලබා දෙනවා.
ඊට පසුව එදා රටේ පැවති විරැකියාව ජය ගැනීම, ආර්ථික වර්ධනයේ වේගය වැඩි කිරීම, දිළිඳුකම පිටු දැකීම සහ අදායම් බෙදී යාමේ විෂමතාවය අවම කිරීම ඇතුළු ප්‍රශ්නවලට විසඳුම් වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඇඟලුම් කර්මාන්ත 100 වැඩසටහන ඇතුළු සියලු සංවර්ධන යෝජනාවලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු සංවිධාන නව ලිබරල් දේශපාලන-ආර්ථික-සමාජ ප්‍රතිපත්ති අනුව සිය පූරණ සහය සහ අනුග්‍රහය ලබා දුන්නා."