අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ආර්ථික දියුණුවක් නොමැත

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ආර්ථික දියුණුවක් නොමැත

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව මානව හිමිකම්-සාමය නොමැත ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කම්පනය වෙමින් ඇත (දේශප්‍රිය නානායක්කාර) ජනප්‍රියත්වයේ කම්පන (Popularity Shocks) ඡන්දදායකයින්ගේ හැසිරීම් කෙරෙහි…

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව මානව හිමිකම්-සාමය නොමැත 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කම්පනය වෙමින් ඇත 

ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ආර්ථික දියුණුවක් නොමැත

(දේශප්‍රිය නානායක්කාර)

ජනප්‍රියත්වයේ කම්පන (Popularity Shocks) ඡන්දදායකයින්ගේ හැසිරීම් කෙරෙහි තීරණාත්මකය. ජනප්‍රියත්වයේ කම්පනය දෙදෙරා දෙගොඩ තලා පැතිරුණේ මැතිවරණයෙන් පසු බදු අඩු කිරීම් හේතුවෙන්ය. බදු අඩු කිරිම් ජන ජීවිතය කම්පනයට පත් කිරිමෙන් නොනැවතී ප්‍රජාතන්ත්‍රවාදයද කම්පනයට පත් කරමින් ඇත.

Without Democracy, No Human Rights and No Peace..! ප්‍රජාතන්ත්‍රවාදය නැති නම් මානව හිමිකම් නැත. සාමය නැත. සෑම තරාතිරමකම, සෑම වයස් කාණ්ඩයකම සහ සෑම ලිංගයකම මිනිසුන් අතර පවතින ආත්මය නිදහසේ ආත්මයයි. නිදහසේ සෙවන ප්‍රජාතන්ත්‍රවාදයයි.

දැන්වීම

ප්‍රජාතන්ත්‍රවාදය සදාකාලිකවම මානව හිතවාදි යැයි බහු ආංශිකව පිළි ගැනිමට ලක් වී ඇති අතර ගුණාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකට යහපත් සමාජයක් අත්‍යවශ්‍යය.යහපත් ප්‍රජාතාන්ත්‍රිය ජන සමාජයකට දේශපාලන සාක්ෂරතාවය සපිරි ප්‍රජාතාන්ත්‍රීය කුසලතා ප්‍රගුණ කරන දේශපාලන නුගත්කම නොමැති දැණුවත් ජන සමාජයක් ගොඬනගා ගත යුතුය. 

ප්‍රජාතාන්ත්‍රිය කුසලතා පිළිබඳ අවබෝදයක් ඇති ජනතාවක් යනු ඕනෑම ජාතියක වර්ථමානයට පමණක් නොව අනාගතයට ද විශාල ආලෝකයකි. ජන ජිවිතයේ, නිදහස, සතුට, සැනසිම,සමගිය,සමානාත්මතාය, රැකවරණය, නිදහස් සෞඛ්‍යය, නිදහස් අධ්‍යාපනය, මානව, මුලික අයිතිවාසිකම් සහ නිතීයේ රිතිය ආදිය ප්‍රධාන කොට ගත් ගුණාත්මක ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන විට සියලු ආකාරයේ නිදහසේ සහ පුද්ගලික ජීවිතයේ වටිනාකම් සේම අයිතිවාසිකම් අහෝසි වන අතර යකඩ සපත්තුවට යට වන නාමික ප්‍රජාතන්ත්‍රවාදය යටතේ  නිදහසේ සහ ජීවිතයේ සියලු නැණ ගුණ දම් අක්‍රිය කර වන බව නුතන මානව සංහතියේ අත්දැකීම බව ඔබ සියලු දෙනාම දන්නා කරුණකි.

ප්‍රජාතාන්ත්‍රීය වටිනාකම් විනාශවන විට ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් අවශ්‍යතාවක් වන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ද සුණු විසිණු වනු ඇත. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිව දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය අසම්පුර්ණ වනවා සේම දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව සෑබැ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වන්නේ නැත. 

ඒකාධිපති පාලනයන්ගේ සහ දූෂිත ආණ්ඩුවල පැවැත්ම භාහිර සහයෝගයේ ප්‍රජාතන්ත්‍රීයකරණ බලපෑමට වඩා බොහෝ ගුණයකින් වැඩි බව ජන සමාජයට අවබෝධ වීම ප්‍රමාද වනුයේ යහපත් මිනිසුන්ගේත් සටන්කාමී මිනිසුන්ගේත් ක්‍රියාකාරිත්වය ප්‍රමාද වීමෙනි.

නීතී අධිකාරියේ විකෘතිභාවය සහ වංක අධිකාරීභාවය නිසා ඇති වන පීඩනයක් තරම් තවත් පීඩනයක් ජන සමාජයකට නැත යනු සත්‍යක්මය. අද්‍යතන ශ්‍රී ලාංකේය ජන සමාජයේ අභ්‍යාස වනුයේ උක්ත තත්ත්වයයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර ආර්ථික දියුණුවක් නොමැත | Lanka Newsweek