අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

දිනේෂ් වීරක්කොඩි ලොව ප්‍රබලම යුනියන් බැංකු ජාලයේ ඉහළම තනතුරකට

දිනේෂ් වීරක්කොඩි ලොව ප්‍රබලම යුනියන් බැංකු ජාලයේ ඉහළම තනතුරකට

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම බැංකුකරුවෙකු, ආර්ථික විශේෂඥයෙකු සහ ආර්ථික උපදේශකයෙකු ලෙස ලොව පුරා නමක් දිනා සිටින දිනේෂ් වීරක්කොඩි මහතා ලොව ප්‍රබලම බැංකු ජාලයක් වන…

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

ශ්‍රී ලංකාවේ සිටින අත්දැකීම් බහුලම බැංකුකරුවෙකු, ආර්ථික විශේෂඥයෙකු සහ ආර්ථික උපදේශකයෙකු ලෙස ලොව පුරා නමක් දිනා සිටින දිනේෂ් වීරක්කොඩි මහතා ලොව ප්‍රබලම බැංකු ජාලයක් වන "යුනියන්" බැංකුවේ  විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්ව සිටින අතර එම පත්වීම 2024 අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

මේ වන විට කොළඹ  Port City සහ ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය උසුලන ප්‍රවීන බැංකුකරු දිනේෂ් වීරක්කොඩි මහතා මහා භාණ්ඩාගාරයේ වැටුප් නොලබන ප්‍රධාන උපදේශකයා  ලෙස ද ක්‍රියා කරයි. ඊට අමතරව ඔහු ජාත්‍යන්තර සමාගම් සහ සංවිධාන රැසක ද විවිධ තනතුරු උසුලයි. 

කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුවේ සභාපති සේම DFCC බැංකුවේ අධ්‍යක්ෂ ලෙස ද ක්‍රියා කර ඇති දිනේෂ් වීරක්කොඩි මහතා එම බැංකුවල සාර්ථකත්වය වෙනුවෙන් සිය බුද්ධිය, අත්දැකීම්, පළපුරුද්ද සහ ශ්‍රමය කැප කළ අයෙකි. 

තවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගමින් ජනතාවගේ ජීවන බර සම බර කිරීම සේම දෙස්-විදෙස් ආයෝජන ප්‍රවර්ධනය ඔස්සේ බංකොලොත්ව තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැගීම සදහා ද දිනේෂ් වීරක්කොඩි මහතා මහගු මෙහෙයක් ඉටු කළ අයෙකු ලෙස පිළිගැනේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දිනේෂ් වීරක්කොඩි ලොව ප්‍රබලම යුනියන් බැංකු ජාලයේ ඉහළම තනතුරකට | Lanka Newsweek