අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

උද්ධමනය අඩු වෙලා-රුපියල ශක්තිමත් වෙලා

උද්ධමනය අඩු වෙලා-රුපියල ශක්තිමත් වෙලා

මහාචාර්ය ස්ටීව් හැන්කේ අවධාරණය කර සිටියි ජනපති වැඩ පෙන්වයි ලෝක උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන් වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ…

මහාචාර්ය ස්ටීව් හැන්කේ අවධාරණය කර සිටියි 

ජනපති වැඩ පෙන්වයි 

ලෝක උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාව එහි දහ තුන් වන ස්ථානය තෙක් වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි ඇමරිකාවේ ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ සිය "Twitter" ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.

2022 වර්ෂයේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාව පැවතියේ එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ වන අතර ඒ සිම්බාබ්වේට පමණක් දෙවැනි වෙමිනි.

නමුත් මේ වන විට ශ්‍රී ලංකාව උද්ධමනය පාලනය කරමින් සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් අත්පත් කර ගෙන ඇති අතර අදට එම වාර්තාවේ මුල් ස්ථානයේ පසු වන්නේ සිම්බාවේ රාජ්‍ය බව මහාචාර්ය ස්ටීව් හැන්කේ සිය නවතම දත්ත වාර්තා අනුව පෙන්වා දී තිබේ.

එමෙන්ම ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව තිබූ ශ්‍රී ලංකා රුපියල් අද වන විට ලෝකයේ දුර්වලම මුදල් ඒකක අතරින් යම් ප්‍රගතියක් අත්පත් කර ගෙන ස්ථාන කිහිපයක්ම ඉදිරියට පැමිණ ඇති බව ද මහාචාර්ය ස්ටීව් හැන්කේගේ "Twitter" ගිණුමේ සදහන්ව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උද්ධමනය අඩු වෙලා-රුපියල ශක්තිමත් වෙලා | Lanka Newsweek