අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ආර්ථික වර්ධනය අවිනිශ්චිත බව මහා බැංකුව කියයි

ආර්ථික වර්ධනය අවිනිශ්චිත බව මහා බැංකුව කියයි

රටේ ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි ශ්‍රී මහ බැංකුව පවසයි. මේ අනුව ඉලක්ක ගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය සඳහා වන උපාය මාර්ග කඩිනම්ව සහ ඵලදායීව ක්‍රියාවට…

රටේ ඉදිරි ආර්ථික වර්ධන මාර්ගය සැලකිය යුතු අවිනිශ්චිතතාවකට ලක්ව ඇතැයි ශ්‍රී මහ බැංකුව පවසයි.

මේ අනුව ඉලක්ක ගත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථික වර්ධනය සඳහා වන උපාය මාර්ග කඩිනම්ව සහ ඵලදායීව ක්‍රියාවට නැංවීම මත ආර්ථිකය සිඳීමකින් යුතු ලෙස යථා තත්ත්වයට පත්වීම රඳා පවතින බව ද ශ්‍රී මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ මේ බව සඳහන් වේ.

දැන්වීම

මැදිකාලීනව ශ්‍රී ලංකා ආර්ථිකයේ මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවද පවතින ලෝක වෙළෙඳ අවිනිශ්චිතතා සහ වෙනස් වන භූ දේශපාලනික තත්ත්වයන් හේතුවෙන් ඉහළ ආර්ථික වර්ධන තත්ත්වයට බලපෑම් ඇති විය හැකි බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

-දිවයින-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න