අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

ආණ්ඩුව 2021 අන්තිම පැයේදී ලක්ෂ 66,500 ක් අච්චු ගහලා

ආණ්ඩුව 2021 අන්තිම පැයේදී ලක්ෂ 66,500 ක් අච්චු ගහලා

2021 අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය බිලියන 678.33ක් (රජිත් කීර්ති තෙන්නකෝන්) රට වැසියෝ ගෑස්, කිරි සහ හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දිනයේ පවා එනම් දෙසැම්බර් 31 වැනිදා දවසේ ද…

2021 අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය බිලියන 678.33ක්  

ආණ්ඩුව 2021 අන්තිම පැයේදී ලක්ෂ 66,500 ක් අච්චු ගහලා

(රජිත් කීර්ති තෙන්නකෝන්)

රට වැසියෝ ගෑස්, කිරි සහ හාල්, පෝලිම්වල ඉන්නා අතරේ ආණ්ඩුව 2021 වසරේ අවසන් දිනයේ පවා එනම් දෙසැම්බර් 31 වැනිදා දවසේ ද රුපියල් ලක්ෂ 66,500 ක් මුද්‍රණය කර ඇත. ඒ අනුව 2021 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වූ දින 365 ඇතුළත ආණ්ඩුව අච්චු ගසා ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 6,783,300 (බිලියන 678.33) කි.

ආණ්ඩුවේ මෙම සල්ලි අච්චු ගැසීම හරියට "Catch Me If You Can" චිත්‍රපටියේ නත්තල් දවසේ රාත්‍රියේ රටට උත්සවශ්‍රීයෙන් නත්තල සමරන විට, ප්‍රංශයේ ඉදන් හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක් බව කිව යුතුය.  ඒ ආකාරයෙන්ම ශ්‍රී ලංකාවේ මිනිස්සු ගෑස්, කිරි සහ හාල් පෝලිම්වල ඉන්න අතරේ අවුරුද්දේ අන්තිම දවසේ අන්තිම පැයේ දී ආණ්ඩුව රුපියල් ලක්ෂ 66,500 ක් අච්චු ගසා ඇත. 

දැන්වීම

කලින් දවසේ ඩොලර් මිලියන 1500 ක් රටට ආවා කියලා ඉලක්කම් විජ්ජාවක් පෙන්නපු ආණ්ඩුව පසුදා මේ ආකාරයට සල්ලි අච්චු ගැසීමෙන් සිදු වන්නේ දමේ වන විට ගුවන්ගත වෙලා තිබෙන බඩු මිල රොකට් ගත වීමය. 2021 වසර ඇතුළත දී ආණ්ඩුව රුපියල් ලක්ෂ හැට හත් ලක්ෂ අසූතුන් දහස් තුන්සීයක් (6,783,300) අච්චු ගසා ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙහෙම සල්ලි අච්චු ගැහිල්ලක් කවදාවත් සිදුව නොමැති බව කිව යුතුය.  

අද උද්ධමනය කියන්නේ ඉලක්කමක් විතරයි.  දවසට දෙතුන් සැරයක් බඩු ගණන් යනවා.  මේ තත්ත්වය පාලනය කරන්න ආණ්ඩුව කිසිම පියවරක් ගන්නේ නෑ. දවසෙන් දවස රටේ ආර්ථිකය බිඳ වැටෙනවා. කාබාසිනියා වෙනවා.  හැමදේටම ආණ්ඩුවට තිබෙන පිළිතුර සල්ලි අච්චු ගැසීම විතරයි. වටිනාකමක් නැති සල්ලි කොළ අච්චු ගැහුවාම භාණ්ඩ මිල ඉහළ යනවා. මේ අච්චු ගහන සල්ලි කොළ කන්න බෑ. රටේ තිබෙන සීමිත හාල්, ගෑස් සහ කිරි ටික ගන්න පෝලිමේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව දවසින් දවස වැඩිවෙනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුව 2021 අන්තිම පැයේදී ලක්ෂ 66,500 ක් අච්චු ගහලා | Lanka Newsweek