අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

VAT ගහලා Flat කිරීම කිරීම

VAT ගහලා Flat කිරීම කිරීම

අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න…

අද දේශීය කර්මාන්තකරුවාව, දේශීය සේවා සපයන ව්‍යාපාරිකයාව තමයි 'වැට්' ගහලා 'ප්ලැට්' කරන්න පටන් අරන් තියෙන්නේ. මේ විදියට දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වට්ටන තීරණ අරන් අපට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද..? 

දැන් බලන්න වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් අද රට හැර යනවා. ඒ අතරේ මේ පාලකයන් ඉන්දියාව සමග එට්කා (ETCA) ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළාම ඉන්දියානුවන්ට පුළුවන් වෙනවා, ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකයට සහ වෙළඳාමට නිදහසේ ඇවිත් සම්බන්ධ වෙන්න. 

"එට්කා" ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයන්ටත් පුළුවන් ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාමට සම්බන්ධ වෙන්න කියා ඇතමුන් කිව්වාට ඉන්දියාව එය වළක්වන විදිහ දන්නවා. නිදසුනක් විදිහට ඉන්දියානුවකුට ශ්‍රී ලංකාවට එන්න ගුවන්තොටුපළෙන් වීසා ගන්න පුළුවන් වුණාට, ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දියාවට යන්න වීසා ගන්න ඕනේ මේ රටේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් පමණයි. 

දැන්වීම

එට්කා ගිවිසුම අත්සන් කළාම රට ගියපු වෛද්‍යවරයාගේ, ගුරුවරයාගේ පුරප්පාඩුවට ඉන්දියානු වෛද්‍යවරුන්, ගුරුවරුන් ඒවි. ඒ විතරක් නොවෙයි පොල් කඩන්න කෙනෙක් නැත්නම් ඒකටත් ඉන්දියානුවකු පැමිණේවි. එට්කා ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සහ වෙළඳාම තුළ ඉන්දියානු බලපෑම බරපතළ ලෙස වැඩි වෙනවා.

-විමල් වීරවංශ-

ජාතික නිදහස් පෙරමුණේ නායක 

"Facebook" 

පිටුවෙන් උපුටා ගැනුණි 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න