IMF සල්ලි ලැබෙන දිනය අවිනිශ්චිතයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාල වකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි මෙරට…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි
ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා දෙන කාල වකවානුව නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි මෙරට ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි උපුටා දක්වමින් Nikkei Asia සඳහන් කර ඇත්තේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට කාලය ගත වන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු බව ය.
ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන පරිදි එම ක්‍රියාවලියට සම්බන්ධ සියලු ම පාර්ශ්ව කඩිනමින් කටයුතු කළ බව ද ඔවුන් සඳහන් කර තිබේ.
"ණය සහන සාකච්ඡා ක්‍රියාවලිය සඳහා කාලය ගතවන බැවින් කාල නියමය පුරෝකථනය කිරීම අපහසු යි. ඊට සම්බන්ධ සියලු ම පාර්ශව කඩිනමින් තීරණය ගත යුතුයි. එවිට ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේවි." යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත.