අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට

2024 දී ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට

ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තව දුරටත් දක්නට ලැබෙනු ඇති…

ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි  

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වී ඇති බවත් 2024දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පෙර මේ වසරේ දී ආර්ථිකයේ හැකිළීමක් තව දුරටත් දක්නට ලැබෙනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව පවසයි.

2022 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 7.8%කින් හැකිළීමට ලක්වූ අතර 2023 වසරේ දී ද රටේ ආර්ථිකය 3%කින් තව දුරටත් හැකිළෙනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරයි. 

2024 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත්වීම ආරම්භ වනු ඇති බව කියා සිටින ආසියානු සංවර්ධන බැංකුව 2019 වසරේ දී කප්පාදු කරන ලද බදු යළි ක්‍රියාත්මක කිරීම සහ මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වීම යනාදී කරුණු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ උත්සහයන්ට සහය වනු ඇති බවද පෙන්වා දෙයි. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න