අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

2024 දී පුරවැසියෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට

2024 දී පුරවැසියෙකුගේ බදු වියදම තිස් දහසකින් ඉහළට

ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ පැනවීමට යන බදු නිසා 2024 වර්ෂයේ දී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක අමතර මුදලක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව…

ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ නව බදු ප්‍රතිපත්තිය යටතේ පැනවීමට යන බදු නිසා 2024 වර්ෂයේ දී එක් පුද්ගලයෙකුට තවත් රුපියල් 30,000ක අමතර මුදලක් බදු ලෙස ආණ්ඩුවට ගෙවීමට සිදු වන බව ක්‍රම සහ විධි කාරක සභාව අනාවරණය කරයි.

2020 වර්ෂයට සාපේක්ෂව රටේ සෑම පුරවැසියෙකුම මේ වන විට රුපියල් ලක්ෂයක් බදු ගෙවා ඇති නමුත් එකතු නොවුණු බදු මුදල රුපියල් බිලියන 179ක් වන බව ද ක්‍රම සහ විධි කාරක සභාව පෙන්වා දෙයි. 

රජයේ නව බදු ප්‍රතිපත්තියට අනුව එම හිඟ බදු වහාම බැංකු ගිණුම්වලින් හෝ දේපළවලින් අත්පත් කර ගැනීමට කටයුතු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මාර්ගෝපදේශ ලබා දීමට කටයුතු කළ යුතු බව ද එම කාරක සභාව වැඩි දුරටත් සඳහන් කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න