අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ව්‍යාපාරික

2024 දැනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි

2024 දැනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවයි

2024 ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට…

2024 ජනවාරි මස පළමු වැනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදේශීය සංචාරකයන් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙම වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වැනි සංචාරකයා බවට අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පෝල් රෝයි සහ පැට්‍රීෂියා රෝයි යුවළ පත් විය.

එම යුවළ 2024.ඔ.29 වැනිදා දහවල් 12.40ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළේ   පැමිණීමේ පර්යන්තයේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න