අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

වඳවී යන ඇත් පරපුර සුරක්ෂිත කිරීමට යුද්ධය ජය ගත් රණවිරුවන් ද දායක කර ගත හැකියි

-විපක්ෂ නායක පෙන්වා දෙයි-

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

දැන්වීම

කාවන්තිස්ස ඇත් රජුගේ මරණය සමග අප රටේ ඇත් පරපුර මුහුණ දෙන විවිධ ගැටලු ගැන අවදානය යොමුව ඇති බවත් මෙහි දී අහිමි වී යන ඇත් පරපුර රැක ගැනීමට සහ වෙනමම විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ගැන අවධානය යොමු කර ඇති බවත් යුද්ධය ජයගත් රණවිරුවන් විශාල ප්‍රමාණයක් සිටින නිසා වනජීවින් පරිසරය හා ඇත්පරපුර සුරක්ෂිත කරන යුද්ධය ද අප ජයග්‍රහණය කරමින් ඇත් පරපුර වනජීවි පරපුර සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමිනි. මෙහි සමසභාපතිවරුන් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම් අබේවික්‍රම මහතා කටයුතු කරනු ලබයි. මේ අවස්ථාවට ජපන් තානාපතිවරයා ද එක් විය.

කාවන්තිස්ස මහ ඇතුගේ මරණයත් සමග වඳවී යන ඇත් පරපුර ගැන තරුණයන්ගේ උනන්දුවක් ඇතිව තිබෙන නිසා සහභාගිත්ව පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රජය පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් පුරවැසියන් සම්බන්ධ කර ගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් දැනට ක්‍රියාත්මත හස්ථි සේනා වැඩපිළිවෙළ තුළ අඩුපාඩු තිබුණත් එය මේ අවස්ථාවේ ඵලදායි බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාන අප්‍රිකාව වැනි රටවල ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටයි ජනතාවයි ගැන සිතා දේශගුණික විපර්යාස ගැන තවදුරටත් සොයා බැලිය යුතුයි

රට ගැන සමස්ත ජනතාව ගැන සිතා දේශගුණික විපර්යාසවලින් සිදුවිය හැකි අගතිගාමී ක්‍රියාදාම ගැන විශේෂඥයන් විද්වතුන් සමඟ සාකච්ඡා පවත්වන බවත් සංඛ්‍යා දත්ත විද්‍යාත්මක දත්ත මත පදනම්වූ ප්‍රතිපත්ති සම්පාදනයක් කරා රටක් ලෙස යොමුවන බවත් ඒ තුළින් රටේ සුරක්ෂිත පරිසර හිතකාමී ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැගීම අරමුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම මෙම කමිටුවට අමතර ව දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක කමිටුව, වනජීවි කොට්ඨාස දෙකක් තෝරාගෙන අලි සහ කොටි සම්බන්ධ විශේෂඥ කමිටු දෙකක් ස්ථාපිත කර විශේෂඥයන්ගේ දැනුමෙන් පරිසර පද්ධතිය ජෛව විවිධත්වය සුරක්ෂිත කරන්නට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විවිධ පාර්ශ්ව එක් කර ගෙන පරිසර ආරක්ෂණය ගැන පුළුල් සාකච්ඡා පැවැත්විය යුතුයි

තවද ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා සංවිධාන සේම දේශීය පාර්ශ්වකරුවන්ද සම්බන්ධ කර ගෙන විශ්වවිද්‍යාලවල ප්‍රවීණයන් සම්බන්ධ කර ගෙන වඩාත් පුළුල ලෙස පරිසර මාතෘකාව ගැන කතා කරන බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකකවරයා පැවසීය.

අලි ඇතුන් රැදවුම් මධ්‍යස්ථාන සංචාරක ආකර්ෂණයට යොදාගත හැකියි

එසේම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය ගැන ද මෙහි දී ප්‍රශ්න කර සිටියේය. එසේ ම මෙම රැදවුම් මධ්‍යස්ථානයේ සිටින අලි ඇතුන්ට හරියට කන්න බොන්න නැතිව දුබල වී සිටින බවට වාර්තා වන නිසා මේ සම්බන්ධයෙන් ද වනජීවි දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය. එමෙන්ම මෙම අලි රැදවුම් මධ්‍යස්ථානය සංචාරක ව්‍යාපාරය හා ඒකාබද්ධ කළහැකි ක්‍රමයක් ගැන සොයා බලන ලෙසත් ගෝනගම්ආර පාර්ක් එක පවා සංචාරක ව්‍යාපාරයට යොදාගත හැකි බවත් සේවක හිගයක් ඇත්නම් ඒ සඳහා බහුකාර්ය නිලධාරින් හෝ සිවිල් ආරක්ෂක බලකාය අනියුක්ත කළ හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වනජීවී ස්වේච්ඡා මාර්ගෝපදේශකයන්ගේ සේවය ස්ථිර කිරිම අගය කළ යුතු දෙයක්

වනජීවී ක්ෂේත්‍රයේ සිටින ස්වේච්ඡා මාර්ගෝපදේශකයන්ට පත්වීම් 23 වැනිදා ලබා දීම අගය කළ යුතු දෙයක් බවත් පැවති රජයන් කිසිවක් ඔවුන්ව ස්ථිර කිරීමට කටයුතු නොකළත් වත්මන් රජය ඔවුන්ව ස්ථිර කිරීමට කටයුතු කිරීම හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

6/2 යටතේ ඉවත් වු ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් බහුකාර්ය ක්‍රමය යටතේ නැවතත් බඳවා ගන්න

එසේම 6/2 යටතේ ⁣ස්වේච්ඡේ මාර්ගෝපදේශයන් රැසක් ඉන් ඉවත් වුවත් ඔවුන්ද බහුකාර්ය ක්‍රමය යටතේ නැවත සේවයට ඇතුළත් කර ගන්නා ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
වඳවී යන ඇත් පරපුර සුරක්ෂිත කිරීමට යුද්ධය ජය ගත් රණවිරුවන් ද දායක කර ගත හැකියි | Lanka Newsweek