ජනතාවගේ අතේ මුදල් නොමැති නම් භාණ්ඩාගාරය සල්ලිවලින් පිරුණාට ඇති ඵලය කුමක් ද..?
විපක්ෂ නායක ප්‍රශ්න කරයි

තරුණ පරපුර තවදුරටත් කාටවත් අන්දවන්න නොහැකි බවත් 2019-2024 යන වසර දෙකේම මේ තරුණයන් රැවටුණු බවත් තරුණයන්ට ලබා දිය යුත්තේ පොරොන්දු පත්‍රිකාවක් නොව ස්වෝත්සාහයෙන් ව්‍යවසායන් ආරම්භ කිරීම බවත් ඒ සඳහා ප්රාග්ධනයට ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
අයවැයක් ඉදිරිපත් කර විවිධ සංඛ්‍යලේඛන ඉදිරිපත් කරන රජය මෙවැනි වාහන ප්‍රදර්ශන නැරඹිය යුතු බවත් පසුගිය වසරට සාපේක්ෂව ජනතා සහභාගීත්වය අඩු බවත් මහා භාණ්ඩාගාරය පිරී ගියාට ජනතාව අත මුදල් පිරී නැති බවත් ජනතාව අත මුදල් නොමැති නම් එය විශාල ගැටලුවක් බවත් ව්‍යවසායකත්ව ව්‍යාපාර චක්‍රය ඇණ හිටින තැනක් වන්නේ ජනතාව අතේ මුදල් නොමැති වීම බවත් ආර්ථිකයක් ඉදිරියට යාමට නම් ජනතව අත මුදල් තිබිය යුතු වුවත් දැන් ජනතාව අත මුදල් නොමැති බව පෙනෙන්නට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාලාවේ දී පැවැති Colombo Motor Show හා එක්වෙමිනි.
රටේ බොහෝ දෙනාගේ හීනයක් වන්නේ වාහනයක් හිමිකර ගැනීම බවත් මේ Colombo Motor Show වැනි ප්‍රදර්ශනයක් පැවැත්වීම වැදගත් බවත් මින් ඔබ්බට ගොස් වාහන නිෂ්පාදන කර්මාන්තය අප රටට ගෙන ආ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ආයෝජන හිතකර පරිසරයක් තිබිය යුතුයි
මේ සඳහා අවශ්‍ය ආයෝජන හිතකර පරිසරයක් රටේ නිර්මාණය විය යුතු බවත් එය තුළින් අලෙවිය පමණක් නොව වාහන නිෂ්පාදනය ද සිදු කළ හැකි බවත් වාහන නිෂ්පාදන ක්ෂේත්රයේ රටක් ලෙස ලොකු උනන්දුවක් අත්කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.