අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ලක්ෂ 20ක ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිරවෙලා. දැන්වත් මොවුන් මුදවා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද..?
sajith premadasa mahatha

(සංජනා ද සිල්වා)

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස බංග්ලාදේශයේ මොහොමඩ් යූනුස් මහතා ආරම්භ කළ ග්‍රාමීන් බැංකු සංකල්පය නිසා එතුමාට නොබෙල් සාම ත්‍යාගයත් පිරිනැමුණු බවත් දුප්පත්කම තුරන් කිරීම සදහා ලිහිල් ඇප සහිත ප්‍රග්ධන මුදලකට ප්‍රවේශය යටතේ දරාගත හැකි පිරිවැයකට අඩු පොළියකට සහන පොළියකට ණය ලබා දී දුගී දුප්පත්කම තුරන් කිරිම සිදු වුවත් පසුකාලීනව මෙය ව්‍යාපාරික ආකෘතියක් බවට පත්ව මේ ආකෘතිය තුළින් ගිණි පොළී ණය ඉලක්කගත අවදානම් සහිත අභියෝග රැසකට මුහුණ දුන් ජනතාව ඉලක්ක කර ණය මර උගුලක් ක්‍රියාත්මක වන බවත් 2023 දත්ත අනුව විසි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන්වීම

දුප්පත්කම තුරන් කිරීමේ මේ වැඩපිළිවෙළ ව්‍යාපාරයක් බවට දැන් පත්වෙලා

එදා ජන සවිය ක්‍රියාත්මක වන විටත් සහන පොලි ණය වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත් මෙහි අරමුණු වූයේ දුප්පත්කම තුරන් කිරීම සඳහා අඩු පිරිවැයක් යටතේ ප්‍රග්ධනයට ප්‍රවේශය වුවත් මෙය ආයතනික ව්‍යාපාරික වැඩසටහනක් බවට පත්ව ඇති බවත් දැන් ණය මෝරුන් විසින් ජන සමාජයේ කාන්තාව ඉලක්ක කර ගෙන මේ කටයුතු සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව ප්‍රායෝගික සහනයක් රජයෙන් අපේක්ෂා කරනවා

වත්මන් රජය නව අණපනත් පනවා මේවා නියමනය කළත් මේ ණය මෝරුන්ගේ වින්දිතයන් බවට පත්වූ බහුතර කාන්තාවන් ප්‍රායෝගික සහනයක් අපේක්ෂා කරන බවත් මේ සඳහා හිටපු මුදල් ඇමති දිවංගත මංගල සමරවීර මහතා සක්‍රීයව කටයුතු කළ බවත් මහාභාණ්ඩාගාරයේ මුදල් උපයෝගී කර ගෙන ණය කපාහැරීමට සිදු කළ බවත් කෙතරම් අණපනත් තිබුණත් එය ණය වින්දිතයන්ට දැනෙන ආකාරයේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාස 6ට රත්රං උගස් කර රු. බි. 211ක් ජනතාව ලබා ගෙන

තම රත්රං කණකර උගස් කර 2026 පළමු මාස 6ට රු. බි. 211ක ණය ලබා ගෙන ඇති බවත් මේ වන විට නොපියවූ ණය අමතරව ට්‍රිලියන 1.1ක් ඇති බවත් ග්‍රාමීන් බැංකු සංකල්පය අප රටේත් තවත් රටවලත් ණය මොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති නිසා මේවා පාලනය කළ යුතු බවත් එදා මංගල සමරවීර මහතා කළ දේ සිදු කර වර්තමානයේ දී සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ලක්ෂ 20ක ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට හිරවෙලා. දැන්වත් මොවුන් මුදවා ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා | Lanka Newsweek