අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රටක් ලෙස වැරදුණු තැන් හරිගිය තැන් අවබෝධ කර ගන්න Tear Drop Nation චිත්‍රපටිය විශාල පිටුවහලක් වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සජිත් ප්‍රේමදාස

(සංජනා ද සිල්වා)

හරිගිය තැන් සහ වැරදුණු තැන් අවබෝධ කර ගැනීම සඳහා Tear Drop Nation චිත්‍රපටය වැදගත් බවත් මේ තුළින් විචාරාත්මකව විවේචනාත්මකව සෑම දෙයක්ම හරාත්මකව ධනාත්මකව හා ගුණාත්මකව ප්‍රශ්න කරමින් මෙම චිත්‍රපටිය තුළින් ලබා දෙන පාඩම් ඉගෙන ගෙන රටක් ලෙස ඉ⁣දිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

එසේම මෙම චිත්‍රපටියේ නිෂ්පාදකවරිය වන සාරා කබීර් මැතිනිය සිය දේශපාලන මතවාද පසෙකලා අපක්ෂපාතී ව නිර්ව්‍යාජීව විනිවිදභාවයෙන් යුතුව සිය නිර්මාණ කාර්යය ඉටු කර ඇති නිසා Tear Drop Nation චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන පාඩම නිවැරදිව අවබෝධ කර ගෙන රට වෙනුවෙන් රට ගොඩනැගීම වෙනුවෙන් සමස්ත ජනතාව සුඛිත මුදිත කිරීම වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සාරා කබීර් මහත්මිය විසින් නිර්මාණය කරන ලද Tear Drop Nation චිත්‍රපටය එළිදැක්වීමේ අවස්ථව හා එක් වෙමිනි.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රටක් ලෙස වැරදුණු තැන් හරිගිය තැන් අවබෝධ කර ගන්න Tear Drop Nation චිත්‍රපටිය විශාල පිටුවහලක් වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා | Lanka Newsweek