අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ජවිපෙ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා

- විපක්ෂ නායක චෝදනා කරයි -

සජිත් ප්‍රේමදාස

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන් දිනම මොහොතින් මොහොත අප රටේ උපාධිධාරීන්ගේ රැකියා අයිතිය සුරක්ෂා කර රැකියා අයිතිය ලබා දෙනවා වෙනුවට එය උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ඉරිදා (08) දකුණු පළාත් උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී.

දැන්වීම

දකුණු පළාතේ ගුරු පුරප්පාඩු සදහා 2023 වසරේ විභාග පවත්වා ඉන් 704ක් සමත් වුවත් මේ අයට පත්වීම් ලිපි ලබා දෙන්න දින තීන්දු කර තිබියදී අධිකරණයේ පවතින නීතිමය තත්ත්වයක් කියමින් කැබිනට් තීන්දුවක් ගෙන මෙම පත්වීම් ලබා දීම අත්හිටුවා ඇති බවත් 2025 ජුනි 30 වන පුරප්පාඩු 2193ක් ඇති නිසා මේ විභාගය සමත් 704ට රැකියා ලබා දී රජයේ යුතුකම බවත් එය ප්‍රමාද කරමින් මේ අයට අසාධාරණයක් කරන්නේ ඇයි කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අය මේ විභාග සමත් වෙන්න විශාල කැපකිරීමක් කර ඇති බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිනියගෙන් ඉල්ලා සිටින්නේ මේ ගැටලුවට මුහුණ දී ඇති උපාධිධාරීන්ට විසදුමක් ලබා දෙන ලෙසත් වෙනත් ලිපි ඉදිරිපත් නොකර ඔවුන්ට හිමි පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම දැන්වත් මේ අයට නොපමාව යුතුකම් ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් තාවකාලිකව පත්වීම් දීම අත්හිටුවීම දැන් ස්ථිර ලෙස අත්හිටුවීමට රජය කටයුතු කිරීම නිසා මේ තරුණයන්ගේ මානව හා මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ජවිපෙ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා | Lanka Newsweek