අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

වසර දෙකයි-රටට සුබයි-මුළු කොළඹම ගළයි

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම් මාලාවක් පවත්වාගෙන යන ගියත් මේ වන විට වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි යනුවෙන් කියන්න වී ඇති බවත් ජනාධිපතිවරයා විසින් අලුත් වැව් නිර්මාණය කරනවා කිව්වත් මුළු කොළඹම එක ජලාශ්‍රයක් බවට ඊයේ පත්වු බවත් කොළඹ නගර සභාවේ බලය ගන්නා විට පුනරුදය තුළ මාස 6න් මුළු කොළඹම බබලනවා යැයි කිව්වත් කානු පද්ධති පිරිසුදු කිරීම ප්‍රතිසංස්කරණය කිරීම සිදුව නැති බව ඊයේ රාත්‍රී හෙළි වු බවත් රජය කියන පුනරුදය නිර්මාණය වූයේ මාලිමාවට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කළුතර දිස්ත්‍රික්කයේ, අගලවත්ත ආසනයේ සෙනසුරාදා (07) පැවැති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාව හා එක්වෙමිනි.

දැන්වීම

ජනාධිපතිට, අගමැතිට, රජයෙන් 159 දෙනාට සහ පුරපතිනියට නම් පුනරුදය ලැබුණත් ජනතාවට නම් පුනරුදය නොලැබුණු බවත් සුරපුරයක් නිර්මාණය කරනවා කියා බලය ආ මේ රජය එක වැස්සෙන් ජන ජීවිත රැසක් විනාශ කළ බවත් ක්‍රියාවට පෙර සෝබනය බොරුව ඇන්දවිල්ල ජයග්‍රහණය කිරීමට මෙයට හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අගනුවර ජල කළමනාකරණය කරන්න බැරි රජය කොහොමද රට හදන්නේ

බලය ලැබුණු පසු මේ කානු පද්ධති පිළිසකර කර ගංවතුර කළමනාකරණ වැඩපිළිවෙළක් ඇති කළ යුතු වුවත් එය නොකළ බවත් නියං තත්ත්ව සේම තද වැසි පවා ඇතිවිය හැකි බවත් එල්නීනෝ ලානීනා බලපැම පවා ඉදිරියට තවදුරටත් බලපෑ හැකි බවත් මේවා ගැන පූර්ව අනතුරු අගවා තිබියදී කානු පද්ධති සහ ජල කළමනාකරණය කිරීමට මේ මාලිමාවට නොහැකි වූ බවත් විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ 2/3ක් සහ මාලිමාවේම පුරපතිනියක් සිටියදී මේ රජයට ඒ දේ හරියට කිරීමට නොහැකි වූ බවත් අගනුවර ජල කළමනාකරණය කර ගන්න බැරි මේ රජය රට ගොඩගන්නේ කොහොමද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රට ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම කෙසේ වෙතත් ජනතාවගෙන් මාලිමාව රැක ගන්න නම් පනතක් ගෙනවිත්

අද වන විට රටේ ජනතාව රජයට විරුද්ධව නැගිට ඇති බවත් කිව්ව දේ කළේ නැති නිසා පො‌හොසත් රටක් ලස්සන ජිවිතයක් ඇති නොකළ නිසා ජනතාව මහපාරට බහින නිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ රජය එයට බිය වී ජනතාවගේ මූලික හා මානව අයිතවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන නව පනත් ගෙන එන බවත් ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යැයි කියා ජනතාවගෙන් ජනාධිපති ප්‍රමුඛ රජය ආරක්ෂා කර ගන්න පනතක් ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට ලොකුම සංවිධානාත්මක අපරාධය කළේ මාලිමාව

සංවිධානාත්මක අපරාධ වළක්වන්න පනතක් ගේනවා කියන මේ රජයම රටට සංවිධානාත්මක බොරු කරමින් අපරාධ කරන බවත් එදා මැතිවරණ සමයේ කියූ කිසිම දෙයක් ඉටු නොකළ මේ රජයම සංවිධානාත්මකව රටට විණ කරන බවත් අද වන විට කර්මාන්තශාලා පවා වැසී යන තත්ත්වයක් මතුව තිබෙන බවත් ලෝකය ඩිජිටල් තාක්ෂණයෙන් ඉදිරියට යන විට අප රට තවමත් එක තැන හිර වි ඇති බවත් සුහුරු අධ්‍යාපනය විශ්වාස කළත් මේ සුහුරු අධ්‍යාපනය පවා හරියට රටේ ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ මූල්‍ය නිදහසක් ඇත්තේම නෑ

ඒකීයභාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නිසා මේවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාත්මක කරන්නට නම් මේ නිදහස රැකගත යුතු බවත් අප රටේ මේ වන විට මූල්‍ය නිදහසක් නොමැති බවත් මූල්‍ය ප්‍රශ්නයක් පැමිණි විගස IMF ගොස් හිගාකන බවත් ජාත්‍යන්තර සබඳතා තුළ අප රටට සෛරීත්වයක් නොමැති බවත් අප රට බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය ලෙස ණය ද ජාත්‍යන්තර සෛරී බැදුම්කර හරහා ණය ද ලබා ගෙන ඇති බවත් 2028 දී ඇ. ඩොලර් බි. 3 බැගින් ණය ගෙවන්න සිදුවන බවත් එදාට අප රට කොයිවගේ තැනකද සිටින්නේ කියා තීරණය කළහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ බොරුව මුසාව මුලාව නිසා තරුණ පරපුර අනාථ වෙලා

අද වන විට අප රට ඇත්තේ භයානක තැනක බවත් බොරුව ඇන්දවිල්ල රැවටිල්ල මුසාව මුලාව තුළ තරුණ පරපුර ඇතුළු ලක්ෂ 220 රැවටී ඇති බවත් 2027 මාර්තු වන විට IMF ගිවිසුම අවසන් වන බවත් ගෝලීය ගැටලුවලට මුහුණ දෙන අතරතුර 2028 සිට ඇ. ඩො. බි. 3කට වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතුබවත් මේ ඉලක්කය කරා යන්න ආර්ථික වර්ධන වේගයක්, සෘජු විදේශ ආයෝජන, අපනයන වර්ධනය වි ඇත් ද කියා සොයා බැලිය යුතු බවත් ඇත්ත ඇති සැටියෙන් දැක සත්‍ය කතා කර ඉන්නා තැන අවබෝධ කර ගෙන බොරුවෙන් තොර යහපත් ප්‍රගතිශීලී දේශපාලන ගමනක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන් දේශපාලන ගොදුරු බවට පත් වෙලා

අප රටේ තාරුණ්‍යය බොහෝ අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තරගවල ගොදුරන් බවට පත්වන බවත් ක්‍රියාත්මක කළ නොහැකි බලාපොරොතු අපේක්ෂා ඇති කර බොරුව තුළින් දේශපාලනඥයා රජකර ලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුර අන්ත අසරණ වන බවත් මෙවැනි වාතාවරණයක් තුළ සමගි ජන බලවේගයේ සමාජ ගිවිසුම ඇති කර ගෙන තරුණයන්ගේ දක්ෂතාව හැකියාව නිපුණතාව කැපවීම තුළ ඉදිරියට යා හැකි පරිසරය නිර්මාණය කර ඒ හැකියාව තුළ ඉදිරියට යාමේ අවස්ථාව නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලයක් නොමැතිව රටට වැඩ කළ එකම පක්ෂය සමගි ජන බලවේගයයි

මේ සමාජ ගිවිසුම රැවටිලිකාර අන්දවන මංමුලාකරන ගිවිසුමක් නොවන බවත් මේ රටේ බිහි වූ සෑම දේශපාලන පක්ෂයක්ම රටට වැඩක් කරේ රාජ්‍ය බලය අත තියාගෙන බදු ගෙවන්නන්ගේ මුදල් ලබා ගෙන බවත් නිදහසින් පසු බිහි වූ සෑම ආණ්ඩුවක්ම කළේ එවැනි දෙයක් බවත් විපක්ෂයේ සිට කවුරුත් වැඩක් නොකළත් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ බලයක් නොමැතිව රටට වැඩක් කළේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තරුණයන්ට කුසලතාව මත ඉහළටම යා හැකි අවස්ථා නිර්මාණය කළ යුතුයි

සෝබනය වෙනුවට සංවර්ධනය සුබසාධනය සහනය ලබා දෙන්න තරුණයන්ට ප්‍රගතියේ ඉණිමගේ පහළ සිට ඉහළට යන්න කුසලතාව මත අවස්ථා නිර්මාණය විය යුතු බවත් දේශපාලන හිතවත්කම්, ගජමිතුරු සම්බන්ධතා නොව කුසලතාව දක්ෂතාව හැකියාව තුළ ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 4
බෙදාගන්න
වසර දෙකයි-රටට සුබයි-මුළු කොළඹම ගළයි | Lanka Newsweek