අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ෆයිසර් තුන්වන මාත්‍රාව ලබා දීම ඊශ්‍රායලය අරඹයි..!

ෆයිසර් තුන්වන මාත්‍රාව ලබා දීම ඊශ්‍රායලය අරඹයි..!

(හේමන්ත තුසිත කුමාර) දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටියන්ට ෆයිසර් එන්නතෙන් තුන්වන මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාව) ලබා දීමට පටන් ගන්නා බව ඊශ්‍රායලය ඉරිදා(11) නිවේදනය කර ඇත. ඉක්මන් හා සාර්ථක…

(හේමන්ත තුසිත කුමාර)

දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති වැඩිහිටියන්ට ෆයිසර් එන්නතෙන් තුන්වන මාත්‍රාවක් (බූස්ටර් මාත්‍රාව) ලබා දීමට පටන් ගන්නා බව ඊශ්‍රායලය ඉරිදා(11) නිවේදනය කර ඇත. 

ඉක්මන් හා සාර්ථක එන්නත් ලබා දීමේ ක්‍රියාවලියෙන් පසුව, ඊශ්‍රායලයේ පසුගිය මාසය පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී නව ආසාදන රැල්ලක් ඇතිව තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, පසුගිය සතිය තුළ ඊශ්‍රායලයේ සාමාන්‍යයෙන් දෛනික ආසාදිතයින් 450 කට වඩා වාර්තා වී ඇත. මැයි හා ජුනි මස මුලදී වාර්තා වූ අඩු ආසාදිතයින් ප්‍රමාණයට වඩා මෙය ඉහල අගයකි.

ජුනි 6 සිට ජූලි මුල දක්වා ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ෆයිසර් එන්නතෙහි කාර්යක්ෂමතාව 94% සිට 64% දක්වා අඩුවී ඇති බවයි. නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ කාර්යක්ෂමතාවයේ පහත වැටීම ජුනි මාසයේදී ඊශ්‍රායලය විසින් COVID-19 සීමාවන් ඉවත් කිරීම නිසා සිදුව ඇති බවය.

කෙසේ වෙතත් ෆයිසර් එන්නතේ තුන්වන හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීමෙන් ඊශ්‍රායෙල් ජනයාට වැඩි ප්‍රතිශක්තියක් ලැබෙනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න