අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

හොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක්

හොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක්

COVID-19 වසංගතයෙට විශේෂයි "ආරෝග්‍යා ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව" මාරාන්තික COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දිය හැකි වන අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ ගණනාවකින් යුතු විශේෂ…

COVID-19 වසංගතයෙට විශේෂයි  

"ආරෝග්‍යා ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාව"

හොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක්

මාරාන්තික COVID-19 වසංගතයට සාර්ථකව මුහුණ දිය හැකි වන අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන ආයුර්වේද ඖෂධ ගණනාවකින් යුතු විශේෂ ආයුර්වේද මංජුසාවක් ජනතාව වෙත හඳුන්වා දීමට හොරිවිල "ඔසුනිමා" ආයුර්වේද ආයතනයේ නිර්මාතෘ ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා පියවර ගෙන තිබේ.

ඔනෑම වසංගතයකට සාර්ථකව මුහුණ දිය හැකි වන අයුරින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කෙරෙන මෙම විශේෂ ආයුර්වේද නිෂ්පාදනයේ අග්‍ර කොටස අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ රදුන් වෙත ගිළන් පස ලෙස පූජා කළ ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා අනතුරුව එම ප්‍රතිශක්තිකරණ ඖෂධවලින් යුතු මංජුසාවක් රුවන්වැලි මහා සෑ අධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් වහන්සේ වෙත ද පූජා කර උන්වහන්සේගේ ආශීර්වාදය ද ලබා ගත්තේය.

දැන්වීම

ඕනෑම වසංගතයකට මුහුණ දිය හැකි වන අයුරින් ආයුර්වේද ඖෂධවලින් නිෂ්පාදනය කර ඇති ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන පේයාවක්, ඖෂධීය තුන පහ, ඖෂධීය තේ, ආරෝග්‍යා කැස්ස පැණිය, වාෂ්ප ඇල්ලීම සඳහා වන විශේෂ ඖෂධීය කුඩු වර්ගයක්, ආරෝග්‍යා බාම් වර්ගයක් සහ හන්දිපත් වේදනාව සමනය කරන "ඔසුනිමා" තෛලය මෙම ආයුර්වේද ඖෂධ මංජුසාවේ අන්තර් ගත වේ.

ඉන්දියාවෙන් ආයුර්වේද වෛද්‍ය උපාධිය ලබා ගත් හොරිවිල "ඔසුනිමා" ආයුර්වේද ආයතනයේ නිර්මාතෘ ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා, සුප්‍රසිද්ධ හොරුවිල හේරත් හාමි වෙද මහතාගේ මුණුපුරා වන අතර වෙදගම සේන බණ්ඩාර මහතාගේ පුත්‍රයා වේ.

ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන හොරිවිල "ඔසුනිමා" ආයුර්වේද රසායනාගාරයේ නිෂ්පාදිත මෙම ඖෂධ මංජුසාව පිළිබඳ වැඩි විස්තර 0764493383 සහ 0704645711 යන ජංගම දුරකථන ඔස්සේ හොරිවිල "ඔසුනිමා" ආයුර්වේද ආයතනයෙන් ලබා ගත හැකිය.    

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
හොරිවිල වෙද පරපුරෙන් ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක් | Lanka Newsweek