අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ආණ්ඩුකාරවරයාට අපහාස කළ ඇමති සමන්තට වැඩ වරදින ලකුණු

හිටපු ආණ්ඩුකාරවරයාට අපහාස කළ ඇමති සමන්තට වැඩ වරදින ලකුණු

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම - ඇමති සමන්ත ට විරුද්ධ නඩුව කොළඹ මහාධිකරණ නඩුව මාර්තු 20 ඇමති සමන්ත විද්‍යාරත්නට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පවරා ඇති අපහාස නඩුව මාර්තු 20 දින…

හිටපු ආණ්ඩුකාර කීර්තිට අපහාස කිරීම - ඇමති සමන්ත ට විරුද්ධ නඩුව කොළඹ මහාධිකරණ නඩුව මාර්තු 20 

ඇමති සමන්ත විද්‍යාරත්නට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් පවරා ඇති අපහාස නඩුව මාර්තු 20 දින කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගැනීමට නියමිතය. 

2025 ජනවාරි 9 දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී තමන් දිගු කලක් වගාකරන මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල පිහිටි පුද්ගලික ඉඩමේ ඡායාරූප හා විඩියෝ ප්‍රදර්ශනය කරමින්, එම ඉඩම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රක්ෂිතයක් තුල පිහිටා ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ද, එම පුවත්පත් සාකච්ඡාවේ කරුණු  අසත්‍ය හා ද්වේෂ සහගත බව ද කීර්ති තෙන්නකෝන්ගේ අංක DMR/1467/25 දරණ වන්දි පෙත්සමේ දැක්වේ. 

ඇමති සමන්ත ගේ වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපාවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන් මගින් ද ප්‍රචාරය කර තිබූණි. එමගින් තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් අමාත්‍යවරයාගෙන් සහ ස්වාධීන රූපවාහිනී සේවයෙන් රු. මිලියන 100 බැගින් ද, නඩු පවරන දිනයේ සිට එයට නෛතික පොලිය ද අය කර දෙන ලෙස වන්දි නඩුවෙන් ඉල්ලා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න