හලාවත පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ජිවිතක්ෂයට
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
(නිලන්ති චන්ද්රසේන) සිසුන් පිරිසකගේ ප්රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබූ හලාවත ප්රදේශයේ පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද (23) අලුයම මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ…
(නිලන්ති චන්ද්රසේන)
සිසුන් පිරිසකගේ ප්රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබූ හලාවත ප්රදේශයේ පාසලක ප්රධාන ශිෂ්ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද (23) අලුයම මිය ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මොහොමඩ් ෆයිෆුල් නමැති හලාවත ප්රදේශයේම පදිංච 16 හැවිරිදි සිසුවෙකි.
මෙම සිසුවා පසුගිය 10 වන දා දේව මෙහෙයකට සහභාගී වී යළිත් එමින් සිටියදී මෙම පහර කෑමට ලක් වී ඇති අතර පසුව ඔහු හලාවත රෝහලට ඇතුලත් කර ඇත. පසුව වැඩිදුර ප්රතිකාර අවශ්ය වී ඇති බැවින් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලදී.
මෙම පහර දීමට මූලික හේතුවක් තවමත් සොයාගෙන නැති අතර බහින් බස් වීමක් දුර දිග ගොස් මෙම පහර දීම සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව පරිවාස භාරයට පත් කර තිබෙන අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඔවුන් එදිනම මුදා හැර ඇත.නමුත් ඔවුන් දෙදෙනා නැවත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු දියත් කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නැවතත් පුළුල් විමර්ශන කටයුතු ක්රියාත්මක කරන බව පොලිසිය පවසයි.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1