අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බලය ගන්න තුරු බොරු කියලා ජනතාව රවටලා ජනතාව සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළේ රජයයි

- විපක්ෂ නායක -

සජිත් ප්‍රේමදාස

(සංජනා ද සිල්වා)

විපක්ෂය බොරු කියන බවටත් ඩීල් දේශපාලනයක් ක්‍රියාත්මක කරන බවටත් අගමැතිනිය චෝදනා කළත් අගමැතිනිය, ජනාධිපතිවරයා සහ ජවිපේ විසින් ජනතාව සමඟ ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන අහන බවත් ජනාධිපතිකම පාර්ලිමේන්තුවේ 2/3 සහ පළාත් පාලන ආයතන බහුතරයක බලය ලැබුණත් ජනතාවට එදා පොරාන්දු වූ සමාජ ගිවිසුම සහ ඩීල් එක ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැන්වීම

එදා මැතිවරණ සමයේ වුණ පොරොන්දු කිසිවක් මේ රජය ඉටු කර නැහැ

33%කින් විදුලි බිල අඩු කිරීම කරනවා කිව්වත් අද එය ඉටු නොවූ බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් අද ඒ සමාජ ගිවිසුම ක්‍රියාත්මක නොකළ නිසා උපාධිධාරීන් 80000ක් මහපාරේ බවත් ගුරුවරුන් විදුහල්පතිවරුන්ට වැටුප් විෂමතා ආදිය ලබා දෙනවා යැයි පැවසුවත් ඔවුන්ගේ පොරොන්දු ද ඉටු නොකළ බවත් ගුරු සංවර්ධන නිලධාරීන්ට පත්වීම් දෙනවා කිව්වත් එයද ඉටු නොවූ බවත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් ලබා දීම සේම ගොවියා වෙනුවෙන් නිසි මිලක් ලබා දෙනවා කිව්වත් අද මේ කිසිවක් ඉටු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද බඩු මිලයි බදු බරයි දෙකම වැඩියි

ඊට අමතරව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ගොඩනගනවා කිව්වත් අද පෝලිමට පරාටේ නීතිය හරහා ඔවුන්ගේ ව්‍යාපාර වෙන්දේසි කරන බවත් බඩු මිල අඩු කිරීම, බදු බර අඩු කිරීම කරනවා කිව්වත් බඩු මිල අහස උසට ගිහින් අසීමිත බදු බරක් ද පටවා ඇති බවත් පාසල් උපකරණවලට පවා වැට් බදු ගහන බවත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයනවලට පවා බදු ගසා ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පොරොන්දු වූ පරිදි IMF ගිවිසුමවත් වෙනස් කළේ නෑ

වත්මන් රජයේ අය විරුද්ධ පක්ෂයේ සිටින විට පොත් ප්‍රදර්ශනවලට ගොස් පොත් හා මුද්‍රණ කර්මාන්තය මත ඇති වැට් බදු ආදිය ඉවත් කරනවා කිව්වත් අදටත් මේ ක්ෂේත්‍රයේ විශාල බදු එක්කර ඇති බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගැන කිව්ව පසුගිය රජය IMF එකත් සමඟ ගැසූ ණය තිරසරකරණ ගිවිසුම පවා වෙනස් කරනවා කිව්වත් අද එය වෙනස් නොකර හිටපු ආණ්ඩුවටත් වඩා එම ගිවිසුම අකුරටම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

මේ රජය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ

මේ රජය නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර මේ රට විනාශ මුඛය කරා ගෙන යන බවත් අද වන විට පාර්ලිමේන්තුවේ සුනිත්‍ය බලශක්තිය ගැන ප්‍රශ්න කරන්න අවස්ථාවක් නොමැති බවත් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා කිව්වත් අද ආණ්ඩු බලය ගෙන තාප බලාගාර ඉන්ධන බලාගාර මාෆියාව ශක්තිමත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් අර හදනවා කියූ පොහොසත් රටයි ලස්සන ජීවිතයයි ගොඩනගන්න

ජනාධිපතිවරයා අගමැතිනිය සහ ආණ්ඩුව ලක්ෂ 220ක් ජනතාවට කළ බොරුව රැවටීම සහ ඇන්දවීම ගැන වේදනාවක් ඇති බවත් ජනතාවට පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බලය ගන්න තුරු බොරු කියලා ජනතාව රවටලා ජනතාව සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළේ රජයයි | Lanka Newsweek