අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

සෙලෙන්ස්කි රුසියාව වනසයි - රුසියාවත් ප්‍රබල පිළිතුරකට සූදානම්

සෙලෙන්ස්කි රුසියාව වනසයි - රුසියාවත් ප්‍රබල පිළිතුරකට සූදානම්

ඊයේ (01) යුක්‍රේනය රුසියාවේ ගුවන් කඳවුරු ඉලක්ක කර දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. වාර්තාවන අන්දමට රුසියානු ගුවන් යානා 40කට වැඩි ප්‍රමාණයක් විනාස වී ඇත. ඒ අතරට රුසියාව සතු ප්‍රබල බෝම්බ හෙළන…

ඊයේ (01)  යුක්‍රේනය රුසියාවේ ගුවන් කඳවුරු ඉලක්ක කර දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. වාර්තාවන අන්දමට රුසියානු ගුවන් යානා 40කට වැඩි ප්‍රමාණයක් විනාස වී ඇත. ඒ අතරට රුසියාව සතු ප්‍රබල බෝම්බ හෙළන යානාත් ඇතුළුව Tu-95 , Tu-22M3 , A-50 වගේ ප්‍රබල යානාත් ඇතුලත් බවයි වාර්තා වන්නේ.

වාර්තාවන අන්දමට එම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 472ක්, බැලැස්ටික් මිසයිල 7ක් සහ කෘස් මිසයිල යොදාගෙන ඇති අතර ප්‍රහාරය එල්ල වි ඇත්තේ යුක්‍රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 1000කටත් වඩා දුරකින් පිහිටි සයිබීරියානු කලාපයටයි.

peration Spiders web කියලා මේ ප්‍රහාරය යුක්‍රේන නම් කරලා තියෙන්නේ.මේක වසර එකහමාරක් තමන් සැලසුම් කරා කියලා යුක්‍රේන බලධාරීන් මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තියෙනවා.මේ ප්‍රහාරය එල්ල වෙන්නේ යුක්‍රේනය සහ රුසියාව ඉදිරි දින වල සාම සාකච්ඡා වලට එකතු වෙන්න තියෙද්දි

මේ වෙද්දි රුසියානු ආරක්ෂක මණ්ඩලය විශේෂ රැස්වීමක් කැදවලත් තියෙනවා.තමන් යුක්‍රේනයට ප්‍රබල ප්‍රතිචාරයක් දෙන්න සූදානම් කියලා රැසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පල කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න