අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 20 ක් පිරෙයි

සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 20 ක් පිරෙයි

(හේමන්ත තුසිත කුමාර) සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අදට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් එංගලන්ත මහ රැජින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වෙත පණිවිඩයක් යවා ඇති අතර, වින්දිතයින්, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ…

(හේමන්ත තුසිත කුමාර)

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් අදට වසර 20 ක් සපිරීම නිමිත්තෙන් එංගලන්ත මහ රැජින එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්  වෙත පණිවිඩයක් යවා ඇති අතර,  වින්දිතයින්, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ පවුල් වල අය සමග තම සිතුවිලි හා යාච්ඥාවන් තිබෙන බව සඳහන් කළාය.

ත්‍රස්ත ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍යයන් 67 ක් ඇතුළුව පුද්ගලයින් 2,977 ක් මිය ගියහ. ජීවිත අහිමි වූවන් සිහිකිරීම සඳහා ලොව පුරා අද දිනයේ උත්සව පැවැත්වේ. වසර විස්සක් ආපසු හැරී බලන විට වර්තමාන ලෝකයේ ආරක්ෂක දේශපාලන හා වෙනත් බොහොමයක් දේ තීරණය වීමට 9/11 ප්‍රහාරය ඉවහල් වූ බව කාටත් නොරහසකි.

ඇෆ්ගනිස්ථානයේ සිට අල්කයිඩා සංවිධානය විසින් මේ ප්‍රහාරය සැලසුම් කරන ලදී .මෙම ප්‍රහාර වලදී  මරාගෙන මැරෙන ප්‍රහාරකයින්  විසින් අල්ලා ගන්නා ලද එක්සත් ජනපද මගී ජෙට් යානා 4 ක් ප්‍රහාරය සිදු කිරීමට යොදා ගැනුනි. ඒවායින් දෙකක් නිව්යෝර්ක්හි පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙක  වෙත පියාසර කර ඇත.

එක්සත් ජනපදයේ අගනුවර වන වොෂිංටන් ඩී.සී.ට නුදුරින් පිහිටි පෙන්ටගනයට තවත් ගුවන් යානයක් කඩා වැටුණු අතර මගීන්ගේ  සටන් කිරීමෙන් පසු සිව්වන ගුවන් යානය පෙන්සිල්වේනියාවේ බිම් කොටසකට කඩා වැටුණි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න