අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

ස්පාඤ්ඤයට දශක කිහිපයකට පසු දරුණු ගංවතුර සුනාමියක්

ස්පාඤ්ඤයට දශක කිහිපයකට පසු දරුණු ගංවතුර සුනාමියක්

ස්පාඤ්ඤය ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් දින තුනක…

ස්පාඤ්ඤය ගංවතුර අවදානමකට මුහුණ දී සිටියි

දැනටමත් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

එසේම “අතුරුදහන් වූ බොහෝ දෙනෙක් සිටින” බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි බියක් පවතින බව එරට රජය පවසයි.ගිනිකොණ දිග ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයට ගංවතුරින් දැඩි හානි සිදුව තිබේ.වර්ෂාවත් සමග හදිසියේ ඇති වු ගංවතුරින් පාලම්, ගොඩනැගිලි රුසක් විනාශ වී ඇත.

ගංවතුරට පසුව බොහෝ පිරිසක් දිවි බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරූ බව සඳහන් වේ.

අධික වර්ෂාව සහ ගංවතුරත් සමග“ලෙතූර්” ප්‍රදේශයට හිම කැට වර්ෂාවක්ද පතිත වී තිබේ. එරට, ආපදා අංශ සහ හමුදා ඒකක විපතට පත්වූවන් බේරාගැනී‍මේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ස්පාඤ්ඤයට දශක කිහිපයකට පසු දරුණු ගංවතුර සුනාමියක් | Lanka Newsweek