අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් හෙට පානදුර රන්කොත් විහාරයට වැඩම කෙරේ

සඳහිරු සෑයේ පූජනීය වස්තූන් හෙට පානදුර රන්කොත් විහාරයට වැඩම කෙරේ

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් රථ පෙරහැර හෙට (අගෝස්තු 20) දින සවස පානදුර රන්කොත් විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. හෙට (අගෝස්තු 20) උදෑසන හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ…

සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත් වහන්සේ රැගත් රථ පෙරහැර හෙට (අගෝස්තු 20) දින සවස පානදුර රන්කොත් විහාරය දක්වා වැඩම කිරීමට නියමිතය. හෙට (අගෝස්තු 20) උදෑසන හොරණ කුරුඳුවත්ත මහා විහාරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත මෙම රථ පෙරහැර ගෝනපොල, කහතුඩුව, කැස්බෑව සහ බණ්ඩාරගම යන ප්‍රදේශ හරහා පානදුර රන්කොත් විහාරය දක්වා ගමන් කරනු ඇත.
 
ඒ අනුව, හෙට (අගෝස්තු 20) සඳහිරු සෑයේ චූඩා මාණික්‍ය සහ කොත්වහන්සේ පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කෙරෙනු ඇත.
 
රථ පෙරහැර ගමන් ගන්නා අවස්ථාවේදී මාර්ග පාලනය අදාල පොලිස් කොට්ඨාශ මගින් සිදු කරන අතර දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව මෙය පැවැත්වේ.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඳහිරු සෑයේ පූජනීය වස්තූන් හෙට පානදුර රන්කොත් විහාරයට වැඩම කෙරේ | Lanka Newsweek