අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ

ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ

ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම් (සුජිත් මංගල ද සිල්වා) ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියාමාර්ග…

ජනපතිට සහය දෙන්න මහින්ද සමරසිංහ සූදානම් 

ශ්‍රී ලංකාව සඳහා වන ඇමරිකානු තීරු බදු සියයට 10 දක්වා අඩු කෙරේ

(සුජිත් මංගල ද සිල්වා)

ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පැවැත්වීම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කාලෝචිත ක්‍රියාමාර්ග සහ අදාළ නියෝග, මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම (දූත කණ්ඩායමේ නායක), මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ, වෙළඳ ලේකම් විමලේන්දිර රාජා, ප්‍රධාන ආර්ථික උපදේශක සහ ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද හුලංගමුව සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ  යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා දූත පිරිසේ දැඩි කැපවීම සහ දක්ෂ ලෙස ඉලක්ක ගතව සාකච්ඡා පැවැත්වීම, දෛනික සම්බන්ධීකරණය, බුද්ධි තොරතුරු රැස් කිරීම, උපදෙස් සහ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හොඳ හිත ගොඩනැගීම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම හිත කර ප්‍රතිඵලය ලැබුණි. 

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මාගේ දිගු සේවා කාලය තව දින කිහිපයකින් අවසන් කරන අතර, මෙම ධනාත්මක ප්‍රතිඵලය තිරසාරව පවත්වා ගැනීම සඳහා ජය ගැනීමට තවත් අභියෝග ඇති බැවින්, අප ඉදිරියට යාමේදී උදාසීන නොවිය යුතු බවට ඔබ සැමට වචනයක් ඉතිරි කිරීමට කැමැත්තෙමි.

ඉල්ලීමක් කළ හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ රජයට මගේ සහාය ලබා දීමට මම සූදානමින් සිටිමි. අපගේ ආදරණීය මව්බිමේ යහපත වෙනුවෙන් දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තබා කණ්ඩායමක් ලෙස කටයුතු කළ හොත්, ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ජය ගත නොහැකි කිසිවක් නොමැත..!

-මහින්ද සමරසිංහ-

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න