අපේ ගමන ජනතාව සවිබල ගන්වන රට ගොඩනගන මැද මාවතයි
- විපක්ෂ නායක සිය ස්ථාවරය පහදයි -

සමගි ජන බලවේගය පක්ෂය ධනවාදී පක්ෂයක් ලෙස හැදින්වුවත් මැද මාවත අනුගමනය කරමින් කම්කරු සංවිධාන හා වෘත්තීය සමිතිවලට විශාල ඉඩක් ලබා දුන් බවත් එදා එක්සත් ජාතික පක්ෂය පවා මැද මාවත අනුගමනය කරමින් ජාතික සේවක සංගමය බිහි කළා සේ සමගි ජන බලවේගය ද මැද මාවත අනුගමනය කරමින් සමාජ ප්රජාතන්ත්රවාදයත් මානුෂීය ධනවාදයත් අනුගමනය කරමින් යුක්තිය සාධාරණත්වය හා සමාජ සාධාරණත්වය ඇති කරන්න පක්ෂයක් ලෙස බැදී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය මැද මාවත අනුගමනය කරන බවත් වත්මන් රජය නම් මාක්ස් ලෙනින් ස්ටාලින් අනුගමනය කරන වාමාංශික දේශපාලනය පෙන්වා බලයට ඇවිත් අද ධනවාදී ආර්ථික ක්‍රමවේද අනුගමනය කරමින් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
සමගි වතු කම්කරු සංගමයේ නිලධාරී මණ්ඩලය සඳහා පත්වීමේ ලිපි ප්රදානය කිරීමේ වැඩසටහන එම සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සහ ලේකම් ධර්මදාස සිල්වා මහතාගේ ආරාධනයෙන් මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතාගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කාර්යාලයේ දී සිදුකරනු ලැබීය. එහි දී වතු නියෝජනය කරන සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරදි මෙම නිලධාරි මණ්ඩලය පත් කිරීම සිදුකෙරිණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය
දකුණ වම කියමින් දේශපාලනය කරන අය සිටියත් සමගි ජන බලවේගය යනු දකුණේ හා වමේ හොඳ දේවල් එකතු කර ගත් මැද මාවත අනුගමනය කළ දේශපාලන පක්ෂයක් බවත් ඇමෙරිකා එක්සත් ජනපද වැනි රටවල මැතිවරණය ප්‍රතිඵල දෙස බලන විට දැන් මැද මාවත ජයගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටක් ලෙස ධනය උත්පාදනය කරන්න අන්ත වාමාංශික ක්‍රමවේද නොව දක්ෂිණාංශික සංකල්ප අවශ්‍ය බවත් එසේ උත්පාදනය කරන ධනය ඉන් පසුව මානුෂීය ධනවාදය තුළින් සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේද තුළින් ජනතා අතර ධනය බෙදා හරින සුබසාධන මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් උත්පාදනය කරන ධනය ජනතාව අතර සමසේ බෙදී යා යුතු බවත් එයකළ හැක්කේ මැද මාවත තුළින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලෝකයේ බොහෝ රටවල අන්තවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරන විට අප රටත් එය අනුගමනය කළ යුතු බවත් රට දිනන ගමන වන්නේ මැද මාවත බවත් මානුෂීය විවෘත ආර්ථිකය මානුෂීය ධනවාදය රටට අවශ්‍ය සේම උත්පාදනය කරන ධනය ජනතාව අතර සාධාරණව බෙදා හැරිය යුතු බවත් අද පවතින ගජ මිතුරු ධනවාදය පරාජය කළ යුතු බවත් වාමාංශික කියන ජවිපෙ රජය යටතේ ජය ගෙන ඇත්තේ ජනතාව නොව බිලියන පතියන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද වතු ක්ෂේත්රයේ ජනතාවට ලොකු දෙයක් කරන්න පුලුවන් වුවත් රජය එය නොකරන බවත් සමගි ජන බලවේගය සිටින්නේ වතු ජනතාව වැටුපට සීමා නොකර ඉඩම් හිමියන් බවට පත් කිරීම බවත් වතු ප්‍රජාව කුඩා තේ වතු හිමියන් බවට පත් කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් මේ තුළින් වතු සමාගම්වල වහලුන් ලෙස සිටීම අවශ්‍ය නොවන බවත් කුඩා තේ වතු හිමියකු සේම කුඩා තේ වතු ව්‍යවසායකයකු බිහි කිරීම සමගි ජන බලවේගයේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.