අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..!

ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..!

(කෝකිල විතානතන්ත්‍රී) ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රජයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන්නේ "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය යි. ස්වකීය ක්ෂෙත්‍රයේ ශ්‍රී ලංකා රාජ්‍යය බැබලවූ කීර්තිමත් පුරවැසියෙක්ට ජීවිතයේ එක්…

(කෝකිල විතානතන්ත්‍රී)

ශ්‍රී ලාංකික පුරවැසියෙකුට රජයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන්නේ "ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය යි. ස්වකීය ක්ෂෙත්‍රයේ ශ්‍රී ලංකා රාජ්‍යය බැබලවූ කීර්තිමත් පුරවැසියෙක්ට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන මෙම සම්මානය ලබාදීම ආරම්භ වන්නේ 1986 වසරේ සිට ය.

මෙම සම්මානය එක වර දැරිය හැකි වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ජීවත් වන පුරවැසියන් පස් දෙනෙකුට පමණ ය. සම්මානය ලද පස් දෙනෙකු ජීවත් වන්නේ නම් එම සම්මානය සය වැන්නෙකුට දැරිය නොහැක. සමස්ත ජාතිය නියෝජනය කරමින් ජනාධිපතිවරයා විසින් ලබා දෙන මෙම සම්මානය ප්‍රථම වරට හිමි වූයේ එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිතුමන් අතින් අගමැති රණසිංහ ප්‍රේමදාසයන්ට ය.

එදා මෙදා තුර කීර්තිමත් ශ්‍රී ලාංකිකයන් නව දෙනෙකු පුද ලද මේ ගෞරව අභිමානය දරමින් ජීවත් වන එකම පුරවැසියා වන්නේ හිටපු කතානායක කරූ ජයසූරිය මැතිතුමන් පමණි. මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිදු කළ උත්කෘෂ්ට මෙහෙය උදෙසා එතුමා 75 වන නිදහස් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් 2023 පෙබරවාරි 3 වන දා මෙම සම්මානයෙන් පුද ලැබී ය.

දැන්වීම

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි කරු ජයසූරිය මහතා 2015 වසරේදී මෙරට පාර්ලිමේන්තුවේ 20 වන කතානායක ධුරයට  පත්විය. එතුමා රාජ්‍ය පරිපාලන සහ ස්වදේශීය කටයුතු, බුද්ධශාසන සහ ආගමික කටයුතු, බල ශක්ති යන අමාත්‍ය ධුර රැසක්  හොබවා තිබුණි. හෙතෙම 1997 - 1999 කාලයේ දී කොළඹ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයේ සේම සභාපති ධුරයේ එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධූරයේ ද කටයුතු කළ කරූ ජයසූරිය මහතා, මාදුළුවාවේ සෝභිත නා හිමියන් බිහි කළ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයටද නායකත්වය ලබා දෙමින් සිටින ශ්‍රී ලාංකික දේශපාලනයේ පූර්වාදර්ශී චරිතයකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා රාජ්‍යයේ ඉහළම සම්මානයෙන් පුද ලැබූ පුරවැසියා..! | Lanka Newsweek