අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

- විපක්ෂ නායක - අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් බවත් මේ විකෘති ආණ්ඩුව විසින් මේ වන විට…

- විපක්ෂ නායක -

අද රට පාලනය කරන්නේ විකෘති ආණ්ඩුවක් බවත් මේ ආණ්ඩුව විකෘති සේම ඒකාධිපති ආඥාදායක ආණ්ඩුවක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් බවත් මේ විකෘති ආණ්ඩුව විසින් මේ වන විට පුරවැසි සහභාගීත්වය අඩු කිරීමේ ජාතික සැලසුමක් ක්‍රියාත්මක කර ප්‍රජාතන්ත්‍රවාදයට ඇති ඉඩකඩ සංකෝචනය කරන්න කටයුතු කරන බවත් මෙහි ආරම්භය යෞවන සමාජ නිලවරණ තුළින් සිදුවී අනතුරුව සිවිල් ආරක්ෂක කමිටු දක්වාත් මේ වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සියල්ල විනාශ කර තනි මතයට කටයුතු කරන්න මේ රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ලුණුගම්වෙහෙර නව නගරයේ පැවැති ගොවි ගැටලු සොයා බැලීමේ ජන හමුවක් අමතමිනි

තනි මතයට කටයුතු කරන ඒකාධිපති ආඥාදායක මේ ආණ්ඩුවේ තීරණ නිසා රටම කඩා වැටී ඇති බවත් ජනාධිපතිවරයාට මේ වන විට ඇත්තේ සදාකාලිකවම තනි පක්ෂයක් රට පාලනය කිරීමේ අරමුණ බවත් මුළු ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය එක් පක්ෂයක නියෝග හරහා ක්‍රියාත්මක කරන්න මේ රජය කටයුතු කරන බවත් ඒ නිසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

මේ රජය මෘග ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යනවා

මේ රජය විපක්ෂයේ සිටින විට 33%කින් විදුලි බිල අඩු කරන බව වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දීම, තරුණ පරපම්පරාවට ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීම සේම වී කිලෝවට රු. 150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද මේ කිසිවක් සිදු නොවූ බවත් ජනතාව දිනවන වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරනවා කියා බලයට පැමිණ ආණ්ඩුව සදාකාලිකව හොඳින් හෝ නරකින් පවත්වාගෙන යන වැඩපිළිවෙළක් මේ රජය ක්‍රියාත්මක කරන බවත් රජය දැන් ඒකාධිපතකි මෘග පාලනයක් කරා රට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය සංදර්ශන විතරයි මේ රජය දන්නේ

පසුගිය දිනවල ගෑස් ඉන්ධන කුඩා මිලකින් අඩු කර මාධ්‍ය සංදර්ශන දැම්මත් මේ අය ඉන්ධන හා ගෑස් වැඩි මිලකින් වැඩි කර අඩු කරන විට සොච්චම් මුදලකින් අඩු කර මාධ්‍ය සංදර්ශන දමන බවත් රජය මේ අඩු කළ ප්‍රමාණයට වඩා වැඩි මුදලකින් ගෑස්, ඉන්ධන අඩු කළ හැකි බවත් තමන්ට ඡන්දය දුන් ජනතාව දුක් විදවන්න මේ රජයට විකෘති ආසාවක් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනපති පුටුවේ සිටින ගොවි පුතා කෘෂිකර්මය විනාශ කරනවා

ගොවි පුතෙක් කියා බලයට පැමිණි අනුර කුමාර දිසානායක ජනධිපතිවරයා අද වන විට හේන් ගොවිතැන් පවා තහනම් කරමින් යන බවත් හේන් ගොවිතැන තුළ අප රටේ දශලක්ෂ ගණන් ජනතාව ජීවත් වෙන බවත් මේ හේන් ගොවියාට එම ගොවිතැනෙ නියැලෙන්න අයිතියක් ඇති බවත් දැන් වී ගොවියා, ගොඩ භෝග ගොවියා, එළවළු පළතුරු වගා කරන ගොවියා අපනයන භෝග වගාකරුවා ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්වා දුන්නේය.

රජය දන්නේ මර්දනය කරන්නයි පළිගන්නයි විතරයි

මේ රජය දන්නේ මර්දනය, පළිගැනීම, හිංසාව බවත් අප රටට අවශ්‍ය වන්නේ මනුෂත්වය රජකරවන මිනිසා ජීවත් කරවන දේශපාලනය බවත් රජය කළ යුත්තේ එය වුවත් දශලක්ෂ ගණනින් ගොවි රවටා මිනිසා රවටා බලයට පැමිණි මේ ගොවි ආණ්ඩුව අද රටම වට්ටවා ඇති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා පවා අද රට අතහැර යන බවත් කර්මාන්ත ජනපද ආරම්භ කරන තැනට රට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ උද්ධච්ච ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සූදානම් වෙන්න

පාර්ලිමේන්තුවේ 2/3යි, පළාත් පාලන ආයතන බලයයි, විධායක ජනාධිපතිකමයි තිබෙන නිසා ප්‍රබල යැයි සිතාගෙන සිටියත් 69 ලක්ෂයක් ඡන්දය ගත් ජනාධිපතිවරයාට වුණ දේ මේ රජය නැවත සිතා බැලිය යුතු බවත් ජනතාව මහපාරට බැස්ස නිසා ඔහුට ගෙදර යන්න වු බවත් 2019දීත් 2024දීත් රටේ ජනතාව රැවටුණු බවත් එම නිසා දැන්වත් තම අයිතිය වෙනුවෙන් පාරට බහින්න සූදානම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
විකෘති මාලිමා ආණ්ඩුව පුරවැසි අයිතිය උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා | Lanka Newsweek