ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී පුද්ගලයින් විශාල පිරිසක් මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව වාර්තා වේ. මෙලෙස බිඳී ගොස් ඇත්තේ ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි…
(නිලන්ති චන්ද්‍රසේන)
ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී ඇති බව වාර්තා වේ.
මෙලෙස බිඳී ගොස් ඇත්තේ ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ.
මේ වන විට වේල්ල බිඳී යාමෙන් පහත් බිම්වල පිහිටි ගම්මාන 6ක් ජලයෙන් යට වී ඇත. තවද මේ හේතුවෙන් හටගත් හදිසි ගංවතුර තත්වයෙන් පුද්ගයින් 6000කට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
කෙසේ වෙතත් මෙම වේල්ල බිඳී යෑමට හේතුව තවමත් සොයාගෙන නැති අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බවයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1