අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි

රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි

වත්මන් ජනපති යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු කියයි එංගලන්ත අග්‍රාමාත්‍යවරයා ද හමු වෙයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා එංගලන්තයේ බකිංහැම් මාළිගයේ දී III වන…

වත්මන් ජනපති යටතේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගැන කරුණු කියයි 

එංගලන්ත අග්‍රාමාත්‍යවරයා ද හමු වෙයි 

රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා එංගලන්තයේ බකිංහැම් මාළිගයේ දී III වන චාල්ස් රජු හමු වී සිය ධූරයට අදාළ අක්තපත්‍ර පත්‍රය මහා රජු වෙත පිළි ගැන්වීය. 

දිගු කාලීන රාජකීය සම්ප්‍රදායන් ආරක්ෂා කරමින්, රෝහිත බෝගොල්ලාගම මහතා රාජකීය සම්ප්‍රදායික අශ්ව කරත්තය මගින් බකිංහැම් මාළිගය වෙත ගෞරවයෙන් යුතුව කැඳවා ගෙන එනු ලැබීය.

දැන්වීම

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් බෝගොල්ලාගම මහතා මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සුබ පැතුම් III වන චාල්ස් මහා රජු වෙත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා ගෙන හැර දැක්වීය.

මේ අතර එංගලන්ත අග්‍රාමාත්‍ය රිශී සුනැක් මහතා හමු වී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ශ්‍රී ලංකාව මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු දැක්වීය.

ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය මහා රජු හමු වී අක්තපත්‍ර භාර දෙයි | Lanka Newsweek