අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් ජීවිතක්ෂයට පත් වෙති

රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 23ක් ජීවිතක්ෂයට පත් වෙති

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජන රජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක් වන අතර…

රුසියාවේ, උතුරු කොකේසස් පළාතට අයත්, ඩැගෙස්තාන් ජන රජයේ නගර කීපයක දේවස්ථාන දෙකකට සහ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය. 

මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල කළේ ආයුධවලින් සන්නද්ධ කණ්ඩායමක් වන අතර මොවුන් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් පිරිසක් යැයි ඩැගෙස්තාන් ආරක්ෂක අංශ පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරය සඳහා දස දෙනකුගෙන් පමණ සමන්විත ත්‍රස්ත කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් කළ වෙඩි තැබීම්වලින්, විසි තුන් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වී තිස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මිය ගිය විසි තුන් දෙනාගෙන් පහළොස් දෙනෙකු පොලිස් නිලධාරීන්ය.

ප්‍රහාර එල්ල වූයේ ඩර්බන්ට් සහ මකාචාලා යන නගරවලටය. මෙම නගර පිහිටා ඇත්තේ එකිනෙකට කිලෝ මීටර් 120 ක දුරකිනි. ත්‍රස්තවාදීන්, යුදෙව් ආගමික මධ්‍යස්ථානයට කඩා වැදී වෙඩි තබා අනතුරුව එම ආගමික මධ්‍යස්ථානය ගිනි බත් කළ බව ද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න