රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩලයක් අරලිය ගහ මැඳුරේ රැස්වේ..!
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් මේ මොහොත වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ගෙන් තොරව…
(සුජිත් මංගල ද සිල්වා)
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් මේ මොහොත වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන්ගෙන් තොරව රැස්වී ඇති මේ කැබිනට් මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හයේම මැති ඇමතිවරු එක්ව සිටිති.
මේ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රටේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සිය ස්ථාවරය රට,ජනතාව හමුවේ ඉතා පැහැදිලිව ප්රකාශයට පත් කිරීමටද නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1