රජරට විශ්වවිද්යාලය වසා දැමේ
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්රසේන) රජරට විශ්වවිද්යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. මිට දින 127කට පෙර රජරට විශ්වවිද්යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ…
(නිලන්ති චන්ද්රසේන)
රජරට විශ්වවිද්යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
මිට දින 127කට පෙර රජරට විශ්වවිද්යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ (21) පාලනාධිකාරිය සහ සිසුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තතිබු අතර ඒ සඳහා උපකුලපතිවරයා සහභාගී නොවීම හේතුවෙන් සිසුහු ප්රධාන පරිපාලන ගොඩනැගිල්ල වටලා තිබු බව වාර්තා වේ..
ඊයේ පස්වරුව වන විටත් සිසුහු ඔවුන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ල වටලා තිබීම හේතුවෙන් මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
ලියන ලද්දේ Lanka Newsweekයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 1