අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා

රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා

- විපක්ෂ නායක - වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ලොකු අසරණභාවයකට පත්ව ඇති බවත් බොරුව මුසාව මුලාව නිසා සුවහසක් රටේ ජනතාව රැවටිල්ල නිසා මංමුලා වී ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න බැරි…

- විපක්ෂ නායක - 

වත්මන් රජයේ අදූරදර්ශී පාලනය නිසා රටේ ජනතාව ලොකු අසරණභාවයකට පත්ව ඇති බවත් බොරුව මුසාව මුලාව නිසා සුවහසක් රටේ ජනතාව රැවටිල්ල නිසා මංමුලා වී ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න බැරි දශලක්ෂ සංඛ්‍යාත ජනතාව පීඩනයෙන් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර මැදවච්චිය යකාවැව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන ජන හමුවක් අමතමින්.

අද රටට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරන ජනතාවගේ ගොවිතැන දියුණු කරන කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කර නිෂ්පාදන කර්මාන්ත ඇති කර ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කල හැක්කේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. ගම හදා නගර හදා රට ගොඩනගන නව වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න