අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

යුද්ධය නවතා සාමයට එන්නැයි විපක්ෂ නායක පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි

යුද්ධය නවතා සාමයට එන්නැයි විපක්ෂ නායක පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලයි

යුද්ධය නවතා, සාම සාකච්ඡා සඳහා පෙරට එන්නැයි තමන් පලස්තීන හා ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි. මෙම මිනිස් සංහාර සහ ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේත්, මව්වරුන්ගේත්,…

යුද්ධය නවතා, සාම සාකච්ඡා සඳහා පෙරට එන්නැයි තමන් පලස්තීන හා ඊශ්‍රායල නායකයන්ගෙන් ඉල්ලා සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි.

මෙම මිනිස් සංහාර සහ ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේත්, මව්වරුන්ගේත්, කාන්තාවන්ගේ සහ සිවිල් පුරවැසියගේත් ජීවිතවලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවත්, කඩිනමින් මෙම කෲරත්වය නතර කර සාම සාකච්ඡාවලට එළැඹෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත්, මෙම රටවල් දෙකෙහිම වාසය කරන ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතවල සුරක්ෂිතභාවයටද එය වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළා.

මෙම අර්බුදය සහ ඒ ඔස්සේ අප වැනි රටවලට සිදුවන අභියෝග පිළිබඳව සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු බවත්, විපක්ෂ නායකවරයා මෙහිදී යෝජනා කළා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න