අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්

යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක්

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ…

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙන අතර  එහිදී, යුක්රේන ජනාධිපති  ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ "රුසියන්-යුක්රේන" අර්බුදය අවසන් කිරීමේ සාම වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇත.

රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඉන්දියාව, රුසියාව සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වා ගෙන යයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නර්නේද්‍ර මෝදිගේ සමීපතම මිතුරෙකු වන නිසා රුසියාව සමඟ පවත්වන හිතවත්කම් ඒ අයුරින්ම පවත්වා ගෙන යන අතර, යුක්රේනය සමඟ ඇති හොඳහිත පළුදු වීමට ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉඩ තබා නැත. ඉන්දියාව අඩු මිලට තෙල් මිලදී ගන්නේ ද රුසියාවෙනි.

දැන්වීම

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සිදු කළ දුරකතන සාකච්ඡාවේ දී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 10 කින් සමන්විත සාම වැඩ පිළිවෙළක් ගැන සාකච්ඡා කර ඇත. ඊට අමතරව, දෙරට අතර වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පවසා තිබෙන අතර "G-20" සමුළුවේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවී ඇත.

2023 වසරේ "G-20" සමුළුව පැවැත් වෙන්නේ ඉන්දියාවේ වන අතර "G-20" සමුළුවේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවීම සම්බන්ධයෙන් ද තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබ පැතූ බව ද ජනාධිපති  ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.

මීට දින කිහිපයකට පෙර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලුණු අතර රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ මෙසේ සංචාරය කළේ පළමු වතාවටය.

එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද කරුණු 10 කින් සමන්විත නව සාම වැඩ පිළිවෙළක් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති  ව්ලොදිමීර් සෙලෙන්ස්කී සාකච්ඡා පැවැත්වීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
යුක්රේන ජනපතිගෙන් ඉන්දීය අගමැතිට ඇමතුමක් | Lanka Newsweek